IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රි රෝද රථ අනතුරින් දැරියක මරුට

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද උණවටුණ ඩි.ජි සුගතපාල)


 දෙවුන්දර දේවාලයේ ඇසළ පෙරහර  නරඹා  යලි නිවස බලා යමින් සිටි එකම පවුලේ පස්දෙනෙකු ගමන්ගත් ත්‍රි රෝද රථයක් ඊයේ (27) රාත්‍රි 11.30 පමණ දැඩැල්ල ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන ගල්වැටියක වැදිමෙන් වු අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන්ගත් දස හැවිරිදි වියේ පසුවු දැරියක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය කියයි.


 ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේ දි වු මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දිනිති විදුසාරි දිදුලතා (10) නැමති මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි දැරියකි.  මෙකී   ත්‍රිරෝද  රථය පදවා ඇත්තේ මියගිය දැරියගේ පියාවන අතර ඔහු තම බිරිද හා දරු තිදෙනා සමග ත්‍රි රෝද රථයෙන් දෙවුන්දර දේවාලයේ පැවති ඇසළ පෙරහැර නැරඹිමට ගොස් තිබේ.  පෙරහැර නරඹා යලි නිවස බලා එමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.  අනතුරෙන් තුවාල ලබා  පියා මව හා පස්හැවිරිදි වියේ පසුවන පුතෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මොවුන් ගොනාපිනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.


 ත්‍රි රෝද රථය පැදවු මියගිය දැරියගේ පියාට නින්දයාම නිසා මෙම අනතුරවි ඇති බැව් පොලිසිය පවසයි. ත්‍රි රෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මිටර් 15ක් පමණ දුරට ඇදි ගොස් ගල්වැටියේ වැදි ඇති බවද පොලිසිය කියයි.ගාල්ල පොලිසිය අනතුර සම්බන්ද පරික්ෂණ පවත්වයි



අදහස් (0)

ත්‍රි රෝද රථ අනතුරින් දැරියක මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site