(කේ. බුද්ධික කුමාරසිරි)
තී‍්‍ර රෝද රථ ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක උපරිම වේග සීමාවකට යටත්ව ධාවනය කළ යුතු බවට නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
තී‍්‍ර රෝද රථ සඳහා දැනට පවත්නා වේග සීමාවන්ට වඩා වැඩි වේග සීමාවක් ලබා දෙන ලෙස බොහෝ තී‍්‍ර රෝද රියදුරු සංගම් පසුගිය කාලයේ ඉල්ලීම් රැසක් කළ බවත් ඒ අනුව අදාල තී‍්‍ර රෝද රථ නිෂ්පාදන සමාගම් වලින් මේ පිළිබදව කළ විමසීමේදී තාක්ෂණික වාර්තාවක් ලබා දීමට එම ආයතන කටයුතු කර ඇති බවත් ඔහු කීවේය.
එම වාර්තාව අනුව තී‍්‍ර රෝද රථයක උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 40ට වඩා දැරිය නොහැකි බව තමන්ට දන්වා තිබෙන බැවින් ඉදිරියේදී තී‍්‍ර රෝද රථවල උපරිම ධාවන වේගය පැයට කිලෝ මීටර් 40 ක් දක්වා වන වේග සීමා නීතිය ගැසට් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
COMMENTS
ඒක නම් මට විශ්වාස කළ නොහැකි බොරු කතාවක්නේ..... මගේ වීල් එකේ මම 110 ටත් ගිහින් තියෙනවා.
වේගය අඩුවෙන්, අයිනෙන් යන්න කියන්න. නැතිනම් කොළඹ-නුවර, කොළඹ -කුරුණෑගල පාරවල් වල ත්‍රීවීල් එකක් පිටුපසින් යන කාර්, බස්, ලොරි වල පෝලිම කිලෝමීටර ගණනින් තියේවි!!! එය දැනටත් සිදුවෙනවා. ත්‍රී වීල් රියදුරන් බහුතරයක් පාර මැදින්, පිටුපසින් එන දුර ගමන් වාහන වලට බාධා කරමින් අවහිරකරමින් ගමන් කරයි.
බොහොම හොඳ යෝජනාවක්. ඒවගේම බර වාහන වලට මාර්ග තදබද වෙලාව හැර ධාවන වෙලාවක් නියම කිරීමද, තද බද අවස්ථාවලදී පුද්ගලික වාහනවල ගමන් කලයුතු අවම මගින් ගණන සඳහා නීති රිතිද හදුන්ව දෙනවනම් ඉතාම හොඳයි
මේ රජය ත්‍රීරෝද ගැන බොරු පිඹ පිඹ ඉන්නවා ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ. රියදුරුගේ වයස 35 ඉහල කරනවා කිව්වා, කොළොඹ නගරයෙන් ඉවත්කරනවා කිව්වා, දැන් වේග සීමාව 40 කරනවා කියනවා. ලංකාවේ අනතුරුවලින් වැඩිම ජීවිත හානිය වෙන්නේ ත්‍රීවීල් වලින්. ඊයේ ජීවිත් 3. ලෝකයේ බොහෝ රටවල ත්‍රීවීල් තහනම් කරලා තියෙන්නේ, ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, තායිලන්තය, ඉන්දුනීසියාව වගේ ආසියාතික සීමිත රටවල් ප්‍රමාණයක මෙම වසංගතය තවමත් තියෙනවා. මංතීරු ක්‍රමය කවදාවත් කොළොඹ ත්‍රීවීල් තියෙනකම් ක්‍රියාත්මක කරන්න බහ කොහෙන් හරි ඉඩක් තියනවනම් ඇවිත් ඔබනවා. අනිවාර්යයෙන්ම ලංකාවට ත්‍රීවීල් ආනයනය තහනම් කලයුතුයි. තියෙන ටික වසර කිහිපයකින් ක්ෂයවී යනවා. දැනට ඉතුරුවෙලා තියෙන ඒවාට වේග සීමා කල (40 km / h ) උපකරණ සවිකළ යුතුයි. (ඇත්තටම රජයට උනන්දුවක් තියෙනවනම් ). ලුසේනා.
උපරිමය පැයට කිලෝමීටර් 25 තබා , පාරේ මැද්දෙන් පදවන්නේ නැතුව වම් පැත්තෙන් පමණක් ධාවනය කරවන්න. එය සැමදෙනාටම ආරක්ෂාවත් , සහනයක්.
ත්‍රී විල් දකුණට සිග්නල් දාල වමට හරවනවා වමට සිග්නල් දාල දකුණට හරවනවා. වමෙන් ඉස්සර කරනවා. මේ දවස් වල වැඩි පුරාම අනතුරු වුණේ ත්‍රී වීල් නිසා ඔය ත්‍රී වීල් රියදුරන්ගේ අධ්‍යාපන මට්ටම ගැනත් හිතුවොත් නේද හොඳ?
ඉතාම හොඳ තීරණයක් .කාර් රථ වල මීටරය 180km- 220 kmට තිබුනා කියල ඒ හැම වාහනයක්ම 170 හෝ 200 යන්නේ නැහැ නේද නමුත් ත්‍රිවිල් රියදුරන් හිතන්නේ මීටරේ 80 තියෙන නිසා 80km යන එක වරදක් නෑ කියල ඔවුන්ට හිදිසියක් වුනාම තමයි එක තේරෙන්නේ එතකොට ජිවිත කිහිපයක් බිලිවී අවසානයි . මේ ත්‍රිවිල් රියදුරන්ගේ නොහික්මුණු දාවන විලාශය නිවැරදි කරන්න කෙනෙක් නෑ ඔවුන්ගේ නීති කඩ කිරීම සහ මාර්ගයේ යන හැමගේම ආරක්ෂාව අනතුරේ හෙලමින් කරන ධාවනය නතර වන්නේ නෑ .පොලිසියටත් බෑ මේ සියල්ල බලන්න .හොඳම දේ වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිල් ගෙන්වීම තහනම් කිරීම සහ ත්‍රිවිල් පැදවීම අවම වයස 35 ක්‍රියාත්මක කිරීම .එසේම ත්‍රිවිල් රියදුරන් ගේ මාර්ග නීති කඩකිරීම් ගැන දැඩි තීරණ ගැනීම . ත්‍රිවිල් රියදුරන් අද නගරවල සංවිදානය වෙලා සමාජ උවදුරක් දක්වා දුරදිග යන මට්ටම ඇවිල්ල ඔවුන් අනෙක් රියදුරන්ට තර්ජනය කරන මට්ටමට ඇවිල්ල .වහාම මේ නොහික්මුණු පිරිස් හදුනාගෙන මේ සමාජ වියසනට තිත තබන්න ක්‍රියාත්මක වන්න
ඔක්කොටම කලින් ටිපර් ලොරි වලට වේග සීමාවක් නීති ගත කලොත් ඔබ සැම නිවන් දකිනවා
අලුත් නීතියක්ද මටනම් 42 ට ගියා කියල දඩත් ගහල තියෙනවා
ලංකා රථවාහන පොලිසිය නොහොත් ට්‍රැෆික් පොලිසියට මොලයක් තියෙනවා නම් රථවාහන නීති රීති සකස් කරලා සම්මත කරලා හරි හැටි කලමන කරණය කරනවා නම් ලෝකයේ දිඋනු රටවල වගේ අපේ රටෙත් උසස් මට්ටමේ මාර්ග ආරක්ෂාවක් බල පොරොත්තු වෙන්න පුළුවන්
අනතුරු ඇති වීමට ප්‍රධාන හේතුව තමයි මාර්ග නීති පිළිනොපැදීම. දේශසපලකයෝ ප්රබූන් නීති පිළිපදින්නේ නැතුව සාමාන්‍ය ජනතාවට නීති දාහක් දැම්මත් වැඩක් නෑ. සෑම දෙනාටම නීතිය එකක් කරනකල්, මාරක අනතුරු අඩුවෙන්නේ නෑ. රටේ ලොකුම අයත් ඔක්කොම නීති කඩාගෙන පාරේ යද්දී අනිත් අයට කියන්නේ කොහොමද හරියට පලයන් කියල?
කෝදාගොඩ මහත්තයෝ ඔබ ඒ තීරණය ගැනීමට පත් කල නිසි බලධාරයනම්, මේ පිළිබඳව අදාල වාහන නිපදවන්නන්ගෙන්, මහාමාර්ග සහ ප්‍රවාහන තාක්ෂණ වේදීන්ගෙන් වැඩිදුර තාක්ෂණ වාර්තා ලබා ගෙනත් තිබෙනවානම්, ඔය එක එක්කෙනා හිතෙන හිතෙන දේවල් ලිව්වට කලබල නොවී ගත යුතු පියවර කෙලින්ම ගන්න. පස්සේ එක එකාලගේ කීමට මොලේ කඳුලක් නැති දේශපලුවෙක් ( වැරදුන, මහජන නියෝජිතයෙක්) ඒක වෙනස් කරලා තව එකෙක් දෙන්නෙක් මළාට පස්සේ කවුරු මොනවා කිව්වත් ඔබතුමාට සැනසිල්ලේ මැරෙන්න පුළුවනි "මම මගේ රාජකාරිය එදා හරියට කළා" කියල හිත හදාගෙන.
ත්‍රීවීල් අයින් කරන්න බැරි ඇයි, ඉස්සෙල්ලම ලංකාවට මෙම වහනය ගෙනාවේ හබුතුල්ලා බෝයි, පස්සේ ටුබැකෝ සමාගම, එතනින් නොනැවතුන එය සිරිකොතෙනුත් ගෙනත් දුන්න. දැන් මහා පරිමාණයෙන් ආර්පිකෝ ලංකාවේ වෙලදාම් කරනවා, එය දුප්පතාට ඔබින වහනයක් උනාට, මිල ඉතාම ඉහලයි, ඒ වගේම අනතුරුදායක, මගඩි වැඩ සොරකම්, අපරාද සදහා යොදා ගන්නාමෙන්ම, තරුණ කාලයේ ඉගෙනීම අත හැර, මෙවැන්නක් රැගෙන මුදල් පසුපස හබා යයි. රටට අපරාද කාරයින් බෝවීම ඉහළයාම එක පැත්තකි, වයස සිමාව අනුව එය මගහරවා ගැනීමද එක උපක් ක්රමයකි. අවරුදු 55ත් 60ත් අතර අය මේ වහනය සදහාම සුදුසු බව කව්රුත් යෝජනා කර ඇත.
මීට අමතරව අනතුරුදායක වංගු වල උත්තල කන්නාඩි සවි කරන්න නීති ගෙන එන්න පුළුවන් නම් ලොකු දෙයක්. කඳුකරයේ අපිට ඒ බය හොඳින්ම දැනෙනවා