(ප්‍රසාද් රුක්මල් )
බල්ලකෙටුව පිටපොල මාර්ගයේ කබරගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයට පෙරැළී යාමෙන් පිය-පුතු දෙපළක් මියගොස් තවත් කුඩා දරුවන් දෙදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත්තේ ඇල්ල හෙලපුපුල මැදපතන ප්‍රදේශයේ පදිංචි පි.සෙල්වරාජ්(35) සහ ඔහුගේ පුත් එස් .කවිශාන්(8)යන දෙදෙනා බව පොලිසිය කීය.
හෙලපුපුල ප්‍රදේශයේ වයස අවුරුදු 8 සහ 10 වියේ පසුවෙන කුඩා දරුවන් දෙදෙනකු අනතුරින් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය.
මොවුන් රාත්‍රියේ ත්‍රිරෝද රථයෙන් බල්ලකෙටුව සිට හෙලපුපුල බලා යමින් සිටියදී අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
38
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
339
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රිරෝද රිය ප්‍රපාතයට පෙරැළී පියා-පුතු මරුට