නිමල කොඩිතුවක්කු
ත‍්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට්රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය.
ඒ සඳහා වන තත්ව පරීක්ෂණය මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පත්වීම් ලැබූ ඉංජිනේරුවන්ට ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ දී නව පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේද කීවේය.
‘‘ පහුගිය කාලේ අපිට පෙට්රල්, ඩීසල් සහ ලාම්පු තෙල්වල මිල වැඩි කරන්න සිදු වුණා. මමත් ආණ්ඩුවත් එය සිදු කළේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ගැටළු ප‍්‍රශ්න විසඳා ගැනීමට ඇතැම් විට අපිට අකමැති දේවල් කරන්නත් සිදු වෙනවා. එයින් මහජනතාවට සිදුවන පීඩාව ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි දැන් අලූත් විදියට සිතමින් වෙනත් ක‍්‍රමවලින් මහජනතාවට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මේ වන විට සොයා බලමින් සිටිනවා.
ඒ අනුව ආර්ථික සහනයක් ලබාදිය හැකි සේ ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට්රල් වර්ගයක් හඳුන්වා දීමට අපි මේ වන විට අත්හදා බලමින් සිටිනවා යැයිද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග, එහි කළමනාකාර අධ්‍යක්ෂක නීල් ජයසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
ඇමැතිතුමා අළුත් පන්දුවකින් සෙල්ලමක් දාන්න වගේ හදන්නේ. ඇමැතිතුමා ජනතාවට දැනෙන්න මේකවත් හරියට කරගත්තොත් ජනතාව ඔබතුමා කෙරෙහි තියෙන විස්වාසය, කැමැත්ත තවදුරටත් වැඩිවෙයි.
හොඳම දේ ත්‍රීවීලර් පාරෙන් ඉවත් කොරන්න
ලෝකයේ මේ ත්‍රිවිල් ගානට හොද වාහන තියෙනවා ඉන්දියානු ඒවා නැතුව ඒවා ගැන හිතුවොත් මීට වැඩිය හොදයි මේ ජරාව ගේනවට වැඩිය.
හැබැයි දැනට තිබෙන සම්මත තත්ව යටතේ දුම් සහතික ගත හැකි විය යුතුයි.
ඡන්ද බලාගෙන ත්‍රීරෝද වලට අඩු මිලට තෙල් දෙන්න නෙමෙයි මාර්ග නීති ගණන් නොගෙන එහෙන් මෙහෙන් රිංග රිංග වමෙන් ඉස්සර කර කර අනිත් වාහනවල හප්පලා තෙවැනි පාර්ශවයේ රක්ෂණ දාලා තියෙන්නේ දෙන්න සල්ලි නෑ කියලා පැනලා යන මේ ව්‍යාපාරය පාරෙන් අයින් කරන්න ක්‍රමයක් බලන්න