IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රීකුණාමලයයේ ඩෙංගු මර්දනයට අගමැතිගෙන් ලක්ෂ 50 ක්

(සිරාජ් හසීම්)

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්දන කාර්ය සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන පහක මුදලක් වෙන්කර ඇති බවත් ඩෙංගු රෝගයෙන් බරපතල තර්ජනයක් එල්ල වී ඇති කින්නියා ප්‍රදේශයට විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් කණ්ඩායමක්ද කොළඹ සිට එවා ඇති බවත් නැගෙනහිර පළත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්.නසීර් මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත වෛද්‍යවරුන් සිව් දෙනා සහ හෙද නිලධාරීන් 19 දෙනෙකු කින්නියා ප්‍රදේශය වෙත එවා ඇති බවද ඒ මහතා සදහන් කළේය.

දිස්ත්‍රීක්කය පුරා පැතිර ඇති ඩෙංගු තත්ත්වය මර්ධනය කිරීම සදහා නැගෙනහිර පළාත් සභාව සෞඛ්‍ය අමාත්‍යංශය හා දෙපාර්තුමේන්තුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල, පළාත් පාලන ආයතන, රාජ්‍ය ආයතන පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය ජනතාවද මෙම ඩෙංගු මර්ධන කටයුතු වලට දායක සම්බන්ධ වී ඇති බවද හෙතෙම කීවේය. නැගෙනහිර පළාතේම ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 15 ක් බවත් මඩකලපුව දිස්ත්‍රීක්කයේ දෙදෙනකුද ඒ අතර වන බවත් සෙසු මරණ 13 ම ත්‍රීකුණාමලයෙන් වාර්තා වී තිබෙන අතර ඉන් 9ක්ම කින්නියා ප්‍රදේශයේ බවත් හෙතෙම සදහන් කළේය.



අදහස් (0)

ත්‍රීකුණාමලයයේ ඩෙංගු මර්දනයට අගමැතිගෙන් ලක්ෂ 50 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site