(ඉන්දිකා රාමනායක)
නිව්යෝක් නුවර සිටි බැංකුවේ මූලස්ථානයේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 32කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට පොලිසිය සොයමින් සිටි ශලීල මුණසිංහ නමැත්තා අද(9) රාත්‍රියේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතරතුර සැකකාර ශලීල මුණසිංහ නමැත්තා නීතිඥවරුන් මාර්ගයෙන් අද රහස් පොලිසියට බාරවූ අතර සිද්ධියට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු එසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට ප්‍රමුඛ පෙළේ ගෑස් සමාගමක් වන ලිට්රෝ ගෑස් සමාගම් ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් සභාපති ලෙස ශලීල මුණසිංහ කටයුතු කරයි.
මොහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (හංසයා) සභාපතිවරයා ද වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015දී ජනපතිවරණයට ඉදිරිපත් වුයේ ද, සරත් ෆොන්සේකා 2010දී ජනපතිවරණයට ඉදිරිපත් වූයේ ද මෙම පෙරමුණ යටතේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංසයා කියන්නේ දියෙන් කිරි වෙන් කරන්න පුළුවන් දක්ෂ සතෙක්. එවන් අපුරු සතෙක් ලකුණු කරගත් දේශපාලන පක්ෂයක නායකයෙක් ලාංකීය මාතාවගේ නමට විදේශයන් හමුවේ විශාල අවමානයක් ඇතිකළා. රටේ බුද්ධිමත් ජනතාව මෙවැනි වැරදි කරන මිනිසුන් කිනම් හෝ ආකාරයකින් සමාජයේ වැජඹීමට ඇති අවකාශ නැති කල යුතුය. උදා: කිසිම දිනයක මෙවන් මිනිසුන් පාසලක හෝ වෙනත් වැදගත් ස්ථානයක ආරාධිත අමුත්තා කර නොගත යුතුයි.
හංසයාගේ පාරෙන් එළිය බලපු කවුරුත් අද කරදර කරන්නේ.... රටේ නම කැත කරන්නයි...
හංසයාගෙන් හෝ මොකෙන් ආවත් මෙයා කිරි කළයට ගොම දමල ශ්‍රී ලංකා අභිමානය විරූපී කරපු පුද්ගලයෙක් ! නිව්යෝක් නුවර සිටි බැංකුව මෙයාට විරුද්ධව නඩු පැවරීමේ සඳහා ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. අපේ යහපාලන රජයේ ජනාධිපතිතුමා මේ විශාල වංචාව අධිකරණයට භාරදී නිහඬ පිළිවෙතක් අනුගමනය කල යුතුය. එතුමා මෙයාට කිසිම සපෝර්ට් එකක් නොදිය යුතුය.
කොටි තිස් දෙකත් කජ්ජක්ද, ඔය තරම් දියුණු රටක බැංකු පද්ධතියට ඇතුළුවෙලා ඔයවගේ සුළු ගණනක් ගත්ත කියන්නේ අන්තිම අඥාන වැඩක්.
1.අබිමානය නැති වෙන්න නම් අබිමානයක් පළමුව තිබිය යුතුය 2. තම රටේ බැංකු හොරකම් ඕන තරම් කිරීමට ඉඩ තිබියදී ඇමෙරිකාවේ බැංකු බිඳින්න යන මෝඩයා කවුද ?
රටේ මුදල් හොරාකාපු විනිමය බිල්පත් හොරුන්ට, හිටපු හොර රැලට වඩා මෙයා නම්බුකාරයි.
හරියට හරි අනුර අපිට අභිමානය කියන එක ගැවිලා වත් නෑ.
යහ පලනේ නැත්තන් ඔය මනුස්සය අත්අඩංගුවට ගයිද......එකත් පොඩ්ඩක් විතර හිතන්ඩ ඕන ........ආණ්ඩුවේ හොරුන්ට ඉඩ තියන්න හොඳ නෑ.....කොහොමහරි හිමීට හරි සුද්ද කරන්ඩ ඕන..
මේ රටේ ලොකු මිනිස්සු දක්ෂ හොර කමට මිස වෙන කුමකටද? රටේ හිටපු සහ ඉන්න නායකයෝ බහුතරයක් ආදර්ශය දී ඇත්තේ හොරකම් කිරීම් වලින් මිස වෙන කුමකින්ද? මෙරට තව ටික කලකින් බැංකු මංකොල්ල කරුවන්ගේ පාරාදීසයක් ලෙස ලෝක පුජිත වේවි.
බැංකු මංකොල්ල කන්න හංසයාගේ කට්ටිය බොහොම දක්ෂයි.
පරීක්ෂන කටයුතු දිවුලපිටිය පොලිසියට බාර දෙමුද?
රවී ගේ ගෝලයෙක් කියනවනේ ,,තවත් මොන කාටද ,,
ලිට්ට්‍රො ගෑස් ලොක්ක අපේ සාක්කුව ශුද්ධ කරන ගමන් තායිවාන බැංකුවකුත් ශුද්ධ කරලනෙ
ඔය හංස පක්ෂය අටවාගෙන ඉන්නෙත් ඔයවගේ වැඩවලට පහසුවෙන්න තමයි. හංස පක්ෂයෙන් වැඩගත් අය පක්ෂ සභාපති වෙනුවෙන් පෙනීසිටීම එයාලගේ යුතුකමක්.
මෙයාට ෆොන්සේකාට තරම් අත්දැකීම් නැ. ෆොන්සේකාගේ කෝටි ගාන අවේ කොහෙන්ද කියල තාමත් හොයා ගන්න බෑ. හොරකම් කරන්න කලින් ෆොන්සේකාගෙන් ඇහුවනම් ඔය දේ වෙන්නෑ. දැන් ඉතින් උසාවියේ කට උත්තර දෙන්න ඉස්සර වෙලා රවී කේ ගෙන් උපදෙස් ගන්ඩ බරුවම ගියොත් ජනාදිපති සමාවක් ගන්න පුළුවන්
දන් රටට විදේශ අායෝජන නොඑන නිසා ගංවතුරෙන් විපතට පත් පවුල් දහසකට ලිට්රෝ වෙතින් ගෑස් ලිප් සහ සිලින්ඩර් ලබා දීම සඳහා මේ මුදල් මෙතුමා විසින් සොරකම් කරා විය හැකි..... නේද?
අනේ මන්ද, තිරුපති වැඩක් නැහැ වගේ. නරක ආරන්චිමනේ අහන්න ලැබෙන්නේ. මේවා ඔක්කොම කරකැවිල ඇවිල්ල හංසයාගෙන් ඉල්ලපු එක්කෙනාගේ ගිණුමට එකතු වෙනවා.