(නිමල් අල්ගෙවත්ත)
තඹුවා මත්ස්‍යයින් ඇල්ලීම සඳහා තාවකාලිකව අවසර පත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
පරිසර හිතකාමී මත්ස්‍යයෙකු ලෙස සැළකෙන තඹුවා මත්ස්‍යයා වඳවීයාමේ තර්ජනය හේතුවෙන් එම මසුන් ඇල්ලීම මේ වන විට තහනම් කර තිබේ.
කෙසේ වෙතත් ධීවරයින්ගේ ඉල්ලීම මත තාවකාලිකව තඹුවා මත්ස්‍යයා ඇල්ලීම සඳහා අවසර ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ග්‍රෑම් 800ට වැඩි මසුන් ඇල්ලීම සඳහා අදාළ අවසරය ලබාදීමට තීරණය කර ඇති අතර ඊට පෙර අදාළ මත්ස්‍ය ගහණය පිළිබදව නාරා ආයතනය විසින් අධ්‍යයනයක් කර වාර්තාවක් ලබාදිය යුතු වෙයි.
තඹුවා මත්ස්‍යයාට හිතවත් වු තවත් මසුන් වර්ග දෙකකි. ඒ හිපොලිස් හා රෙඩ් ෂ්‍රිමිප් නැමැති මසුන් දෙදෙනාය .මෙම මසුන් දෙදෙනා තඹුවා සමගින් ජීවත්වන නිසා ඉහත මසුන්ට අවශ්‍ය පාරිසරික වටාපිව සකස්කර දෙයි. හිපොලිස් හා රෙඩ් ෂ්‍රිමිප් නැමැති මසුන් අපනයනය කිරිම මගින් විශාල වශයෙන් ආදායමක් ගෙන දේ , මේ නිසා මේ මසුන්ගේ සුරක්ෂිතාවය පිණිස තඹුවා පිහිටට සිටියි.
සුරතල් මසුන් විකිණෙන ස්ථානවල විකිණීමට මෙන්ම ආහාර සඳහා ද තඹුවා මසුන් ඇල්ලෙන බව කියැවේ.මෙය දඩුවම් ලැබිය හැකි වරදකි. මේ නිසා මේ තඹුවා මසුන් ආරක්ෂා කරගන්නට පියවර ගැනිමට ධීවර නිලධාරින් විවිධ අනපනත් සකස්කර ක්‍රියාත්මක කර ඇති බව ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

COMMENTS
වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින මත්ස්‍යයින් ඇල්ලීම තහනම් කල යුතුමයි. ඔවුන් අභිජනන මධ්‍යස්ථාන වලට ලබා දී බෝ කල යුතුයි.
පොලිසියයි පරිසරවේදියොයි ඔක්කොම නිදි, ගාල්ල අවට මුහුදේ දිනපතා රෑට ඩයනා දාලා මසුන්මරනවා. පොඩිමාලු ඔක්කොම මැරෙනවා කිසිම කෙනෙක් හොයන්නේ නෑ. නිකන් බොරු නීති විතරයි.