(දයාරත්න ඇඹෝගම)
රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් අද (28) ගොවින් විශාල පිරිසක් තඹුත්තේගම නගරයේදි සිදුකල දැවැන්ත විරෝධතා පෙළපාලියකට පොලිසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැර තිබේ.
අධිකරණයේ අණ නොතකා මෙම පිරිස මෙසේ උද්ඝෝෂණයේ නිරත විම නිසා පොලිසිය මෙසේ කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කොට තිබුණි.
අධිකරණ අණ නොතකා විරෝධතාවයේ යෙදුන ගොවියන් 40 කට අධික පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.පොලිසියත් විරෝධතා කරුවන් අතරත් සිදුවු ගැටුමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පොලිසිය කියයි.






COMMENTS
මේ අයට බීමට වතුර දුන්නොත් නරකද?
මේ වතුර විකිණීම සඳහා කාගේ හෝ සැලැස්මක්. රටට අාහාර සපයන දුගී ගොවීන්ට වතුර දීම සඳහා මෙහෙම උනන්දුවක් තියෙයිද? පොදු ජලාශයෙන් පෞද්ගලික ලාභ ලැබීමට වතුර විකිණීමක්. වතුර පැහැර ගැනීම සඳහා වතුර ගසා ගොවීන් පන්නනවා. ගොවීන්ගේ වතුර බේරා ගැනීම සඳහා වතුර බෝතල් කරුවන්ට මෙසේ වතුර ගසා පන්නයිද? තාමත් අපි බත් කන්නේ පෙර රජදරුවන්ගේ ව්‍යාපෘති වලින්. මෙහෙම විෂමතාවක් මිහිපිට වෙනත් තියෙයිද? අපේ රටේ වතුර විකිණිල්ලක් ගැන පෙර කාලයේ අපි හිතුවාද? ඕන ගෙදරකින් ඕන හෝටලයකින් පාරේ ජාල නලයකින් වතුර වීදුරුවක් අපිට ලැබුණා. දැන් කොමිස් කාක්කන් එකතුවෙලා අපේ වතුර විකුණනවා. ගොවීන් ගුටි කනවා.
මම ජීවත් වෙන්නේ පිටරටක.. මෙම පොඩි සිද්ධියකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර... එ්ත් අම්පාර සිද්ධියට කිසිම සද්දයක්වත් නෑ පොලිසිය.. ලංකාවේ සිදුවෙන දේවල් විදේශ තානාපති කාර්යාල හරහා විදෙස් රටවල් දෙනුවත් වේ. මෙහෙම ගියොත් ලංකාවට ඉදිරි ගමනක් නැත. රටේ පාලකයන් හරියට රට පාලනය කරන්නේ නෑ..
ඕනම ප්‍රශ්නෙකට මේ ආණ්ඩුව දෙන විසදුම ඔච්චරයි නේ ඉතින් ..