ජයරත්න වික්‍රමාරච්චි
කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ජලාශය පහළ තම්බපණ්නිය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 30ක් අද (25) අලුයම තබ්බෝව විහාරස්ථානයට රැගෙන ආ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. අලහකෝන් මහතා පැවසීය.
මේ සඳහා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සහයෝගය ලබා ගත් බවද ඒ මහතා කීය.
පවතින අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු විස්සම අද අලුයම විවෘත කෙරිණි.
මේ අතර රාජාංගණය ජලාශයේ වාන්දොරටු 2ක් අඩි 1 බැගින් විවෘත කර ඇති බව රාජාංගණය වාරිමාර්ග කාර්යාලය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
108
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තම්බපණ්නියේ අවතැන් වු පවුල් 30 ක් තබ්බෝව විහාරයට