( නිමන්ති රණසිංහ ) 
 
පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව  ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය හමුවේ ප්‍රකාශ කළහ.
 
නීතීපති උපදෙස් ප්‍රකාරව මෙම සිදුවීමට අදාළව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව චෝදනා කියවා දෙනු ලැබු අවස්ථාවේදී  උන්වහන්සේ එලෙස ප්‍රකාශ කළහ.
 
ඒ අනුව  සිද්ධියට අදාළ විභාගය ජුලි මස 7 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය