තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
කාන්තාවන් මත්පැන්හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීම සම්බන්ධයෙන් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් එකොළොස් දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන ජුනි 11 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29 ) තීන්දු කළේය.
කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීමට හා මත්පැන් මිළදී ගැනීමට තිබූ තහංචි ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් ගොනු කළ එම පෙත්සම විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු මහත්ම මහත්මීන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳැවිණි.
නිෂාන්ති බණ්ඩාරනායක , එම්.ඩී.ජේ.බී ප‍්‍රනාන්දු , සමනළී ෂානිකා ෆොන්සේකා , චන්දිමා රවිනි ජිනදාස , දීපාන්ජලී අබේවර්ධන , සබ්රීනා එසුෆුලි , ෂාරන්‍ය සේකරම් , රන්දුලා ද සිල්වා , මේනකා ගල්ගමුව ,සුජාතා ගමගේ , විශාකා පෙරේරා තිලකරත්න යන යන මහත්මීන් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ,එම අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ නීතිපතිවරයා නම් කර ඇත.
නීතීඥ තමිලා දිනූෂී පෙරේරා මහත්මිය ගේ උපදෙස් මත නීතීඥ තිෂ්‍ය වේරගොඩ සහ නීතීඥ පුලස්ති රූපසිංහ යන මහත්වරුන් මාර්ගයෙන් ගොනු මෙම පෙත්සම් ගොනු කර තිබේ.
COMMENTS
මත්ද්‍රව්‍ය ලොවින් තුරන් කිරීමට පිරිමින් ඇතුළුව ලොවම සැදී පැහැදී කටයුතු කරන කලෙක පංචසීලය රකින ලොව එකම ථෙරවාදී බෞද්ධ රටේ සුරාසල් වල රැකියාවක් කිරීමට ඉල්ලා උසාවි යන අයද සිටිති. මේ අයගේ උත්සාහය තමන්ට සුරාසල්වල රැකියා කිරීමටද? එසේ නැත්නම් මුදලට බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමද? යන්න ළදරුවෙකුටවුවද පහසුවෙන්ම තේරුම්ගත හැකි සරල කාරණයකි.
අවුරුදු දහයක් විතර කල් ගියා නම් හරි මේ ගෑනුන්ගෙ මොලේ එනකං...