(ආරියරත්න රණබාහු සහ ජයන්ත සමරකෝන්)
තැපැල් සේවක වර්ජනය අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කෙරේ.
දින 16ක් පුරා පැවති වැඩවර්ජනයට විසඳුම් ලැබීම නිසා එසේ අවසන් කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු පී. ආර් වර්ණකුලසුරිය මහතා පැවසීය.
(ආරියරත්න රණබාහු සහ ජයන්ත සමරකෝන්)
තැපැල් සේවක වර්ජනය අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කෙරේ.
දින 16ක් පුරා පැවති වැඩවර්ජනයට විසඳුම් ලැබීම නිසා එසේ අවසන් කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු පී. ආර් වර්ණකුලසුරිය මහතා පැවසීය.
COMMENTS
මහානායක ස්වාමීන් වහන්සේලාට ගොඩාක් පින්සිදු වන්න ඕන ප්‍රශ්නය විසඳාගන්න කරපු සේවයට. ඒ වගේම පාලකයෝ දැන්වත් නිසි ආකාරයට වැඩ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා .
ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රමය හරිද කියන කරුණ ගැන නැවත සිතා බලන්න. සමස්ත ජනතාවට සිදුවූ කරදරය ගැන කියන්න කෙනෙක් නෑ. රැකියා දහස් ගණනක් සඳහා ආ ඉල්ලීම් අහිමි වුනා. කව්ද මේවට වගකියන්නේ .
දැන් තමා කුණු බක්කිවලට , කාණුවලට, ඇහැ ගහගෙන ඉන්න ඕනි වෙලාව ! මොකද ඔය ගොඩ ගැසුණු තැපැල් මලු ගිය පාරත් ඒ තැන්වලට වීසි කරල තිබුන !
දැන් ඉතින් වැඩි රේට් එකට ඕ ටී දාගෙන ලියුම් තෝරන්න පුළුවන් වෙයි.
ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රමය හරිද කියන කරුණ ගැන නැවත සිතා බලන්න. සමස්ත ජනතාවට සිදුවූ කරදරය ගැන කියන්න කෙනෙක් නෑ. රැකියා දහස් ගණනක් සඳහා ආ ඉල්ලීම් අහිමි වුණා. කව්ද මේවට වගකියන්නේ? මෙම ආයතනවල නිසි කළමනාකරණයක් නැහැ. මේවා පාඩු පිට දුවන්නේ, මේ දේශපාලන අත පෙවීම් නිසා රටම විනාශ වෙනවා. අනවශ්‍ය සේවකයන් ඉවත් කර, නිසි විදියට මේවා කලමනාකරණය කරන්න...
දවස් දහසයක් පුරා මේ වර්ජනය ඇදගෙන යන්නේ නැතිව පළමු දවසේම මේ විසඳුම දුන්නා නම් අද රටට වෙන පාඩුව හා හානිය නවත්වන්න තිබුණා. හැබැයි එහෙම කරන්න තරම් බුද්ධිමත් පාලකයෝ මේ රටේ නැහැ.
පාලකයින් කිසිම දිනක සාධාරණ ඉල්ලීම් වුවත් බන්දේසියක් තබා දෙන්නේ නැහැ. සේවකයෝ වැඩ වර්ජනවලට තල්ලු කරනවා. තැපැල් සේවක ඉල්ලීම් සාධාරණ බව ඈමති පිළිගෙන තිබුනා. මහජනතාවට හිරිහැර කලේ වර්ජකයෝ නොව රජයයි.