(විනීතා එම් ගමගේ)
තැපැල් දෙපාර්තමේන්තුව, තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සම්බන්ධ කරන පරිගණක ජාලය බිඳ වැටී තිබීම නිසා තැපැල් කාර්යාල වලින් සේවා ලබා ගන්නා ජනතාව පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම ආයතන ජාලය එකට සම්බන්ධ කර ඇත්තේ ඊපේ නමැති මෘදුකාංගය මඟිනි.
විශේෂයෙන් මුදල් ඇණවුම්වල මුදල් ගැනීම වැනි කටයුතු මෙම පරිගණක ජාලය බිඳ වැටීම නිසා කර ගත නොහැකි වී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම පරිගණක ජාලයේ නිතර නිතර අක‍්‍රියවීම් හා බිඳවැටීම් සිදුවන බවත් දෙපාර්තමේන්තුවේ ඵළදායිතාවයට එය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් එහි ප‍්‍රකාශකයෙක් පැවැසීය.
මේ පිළිබඳව විමසීම සඳහා තැපැල් බලධාරින් ඇමතීමට උත්සාහ කළත් තැපැල්පති කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේ තැපැල්පතිවරයා, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්), තැපැල් අමාත්‍යංශ ලේකම්වරයා යන නිලධාරින් විශ්ව තැපැල් සංගමයේ සමුළුව සඳහා ස්විට්සර්ලන්තය බලා ගොස් ඇති බවයි.
COMMENTS
ඇත්තටම බිද වැටෙනවද, වට්ටනවද කියන එක හොයල බලන්න.
ඕක එච්චර දෙයක්යැ.. මේ රටේ බොහොම පද්ධති දැන් බිඳ වැටිලා තියෙනකොට? අඩු ගානේ ගැසට් පත්තරෙත් කීප සැරයක් අච්චු ගහන්න සිදු වුනානේ. ඔක්කොම වගේ අප්ෂට් !
මේක අභ්‍යන්තර ගැටළුවක් වගේ පේන්නේ. මේ ගැන කිව්වා කියන ප්‍රකාශය මෙම පද්ධතිය තුළින් සිදුවන සේවය, පහසුව හා තැපැල් දෙපාර්තමේන්තුව වෙනත් ආයතනවලට සේවා ලබාදී ලබන අමතර අදායම ගැන දන්නේ නැත්ද දන්නේ නෑ.