(ශාන්ත චන්ද්‍රසිරි)
පවතින අධික වර්ෂාව නිසා තාප්පයක් කඩා වැටීමෙන් ආගරපතන, නිව් පෝට්මෝර් වත්තේ ඇල්ඩෝරි කොටසේ පිහිටි නිවාස දෙකක පදිංචි පුද්ගලයන් 10 දෙනෙකු අද (21) එම නිවාස වලින් ඉවත් කිරීමට පියවර ගත් බව ආගරපතන පොලීසිය පවසයි.
මෙම තාප්පය කඩා වැටීම නිසා නිවාස දෙකක් අර්ධ හානියට ලක්ව ඇති අතර ජීවිත හානි කිසිවක් සිදුවී නොමැත.
එකී නිවාස දෙකේ පදිංචි පුද්ගලයන් දැනට එම වත්තේ ඇල්ඩෝරී පුස්තකාල ගොඩනැඟිල්ලේ තාවකාලිකව රඳවා සිටියි.
ආගරපතන ප්‍රදේශයට ඊයේ (20) උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාව අද (21) දහවල් වන විටත් එක දිගටම පැවැති අතර මේ නිසා වතු කම්කරුවන් ඇතුළු සෙසු ජනතාවගේ දෛනික කටයුතු අඩාලව පැවතිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd