(ඉන්දිකා රාමනායක)
අධි මාත‍්‍රාවකින් යුතු ට‍්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති සහිත කන්ටේනරයක් කොළඹ වරයායේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගුව එක්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙම කන්ටේනරය ශි‍්‍ර ලංකාව හරහා ලිබියාවට යැවීමට සදහා ඉන්දියාවේ ‘‘මුන්ද්‍රා’’ වරායෙන් ඉකුත් අගෝස්තු මස 8 වැනි දින පිටත්ව ඇති අතර එය අගෝස්තු මස අග කොළඹ වරායට පැමිණ ඇති බවද පොලිසිය කියයි.
උපකරණ හා පැම්පස් ගෙන්වන මුවාවෙන් මේවා ගෙන්වා ඇත.
එම කන්ටේනරය ලිබියාව බලා නැව් ගත කිරීමට සුදානම් ව තිබියදී ඊයේ (5) සවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගුව එක්ව වටලා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම කන්ටේනරයේ ට්‍රැමඩෝල් එක්කෝටි පනස් දෙලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් තිබී ඇති අතර ඒවා පෙට්ටි 585 ක අසුරා තිබු බවද පොලිසිය පවසයි.
ට‍්‍රැමඩෝල් නැමැති පෙති මිලි ග‍්‍රෑම් 50 ක ප‍්‍රමාණය ලබා දෙන්නේ වෛද්‍ය නිර්දේශ මත පිළිකා රෝගීන්ගේ වේදනා නාශක වශයෙන් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම පෙති මිලි ග‍්‍රෑම් 225 ක් සහිත අධි මාත‍්‍රාවක් යුත් පෙත් වර්ගයක් බවත් අධි මාත‍්‍රාවකින් යුත් පෙති ලෝකයේ රටවල් වල භාවිතා කරන්නේ හොරොයින් ආදේශකයක් වශයෙන් බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කියයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත අනුව අධි මාත‍්‍රාවකින් යුත් මෙම පෙති මෙරටට ආනයන අපනයන තහනම් කර ඇති බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුරටත් පවසයි.





ඡායාරූප -ඉන්දිකා රාමනායක
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරනම් අගමැති කාර්යාලයෙන් ලියුමක් ඇරියාම ඕක නිදහස් කරනවා.
මේ වැරදිකරුවන්ට .. මුළු ජීවිත කාලයටම ඔලුව උස්සන්න බැරිවෙන්න , දඬුවම් කල යුතුයි .. සියලු සබ්බ සකල මනාව .. රාජසන්තක කල යුතුයි .. කිසිම දවසක හෑන්ඩ් ෆෝන් එකක්වත් සිය සන්තකයේ තබාගැනීමට නොහැකි විදිහට ..... නීතියෙන් ලුහුබැඳිය යුතුයි ..!!! මෙහෙම තමයි අනිත් රටවල්වල මෙවැනි වැරදිකරුවන්ට දඬුවම් කරන්නේ .
ලංකාව ඉවරයි. ගන්න දෙයක් නැහැ.
කරුණාකර මෙම ඖෂධ තොගය විනාශ නොකර මහරගම පිළිකා රෝහල වෙත බාර දෙන්න. වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය යටතේ අසරණ පිළිකා රෝගීන්ගේ වේදනාව සමනය කිරීමට භාවිතා කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අදාල බලධාරීන් දැනුවත් කරන්න..... .