IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටීඑන්ඒ සමඟ අලුත් ගිවිසුම් නෑ - රාජිත

ඩයනා උදයංගනී
 
විශ්වාසභංගයේදී අග‍්‍රාමාත්‍යවරයාට සහය ලබාදීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කිසිදු නව කොන්දේසියක් ඉදිරිපත් කර නැතැයි සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
ඒ බව එම සන්ධාන මන්ත‍්‍රී එම්. සුමන්දිරන් මහතා යාපනයේදීම ප‍්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.    
 
දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම වූයේ 2015ට පෙර පොරොන්දු වූ පරිදි හිමිකරුවන්ට ඉඩම් ලබාදීම, නඩු නොමැතිව සිරගතව සිටින්නන් සම්බන්ධ සාධාරණයක් ඉටුකිරීම හා අතුරුදන්වූවන් සම්බන්ධ තීන්දු ලබාදෙන්න ආදිය බව ද රාජිත සේනාරත්න මහතා කීවේය.
 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු ලබාදෙමිනි.
 
මන්නාරම දිස්ත්‍රික්කයේ හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කරන්නේ දෙමළ ජාතික සන්ධානය පැනවූ කොන්දේසියක් අනුව බවට එළිය සංවිධානය නගන චෝදනා අසත්‍යද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද කියා සිටියේය.

‘ඒ අය ඉන්නේ අඳුරේ. පසුගිය ආණ්ඩුව අපිට වඩා ඉඩම් නිදහස් කළා. එය හොඳ දෙයක්. ඒවා ගිය ආණ්ඩුවේ සාධනීය දේවල්. දුප්පත් මිනිසුන්ගේ ඉඩම් අහිමි වෙලා තිබෙනවා. කාව වුණත් තමන්ගේ ඉඩමෙන් එළියට දැම්මොත් එය කොතරම් අමානුෂිකද යන්න තේරෙනවා. මෙය හදිසි තීරණයක් නෙවෙයි. එතරම් හදිසියේ ඉඩම් මනින්න බැහැ. අපි ඒ අයගේ ඉඩම් දෙන්න ආණ්ඩුව තුළ සටන් කරනවා. 
 
සමහර ප‍්‍රදේශවල හමුදාව බේකරි දාල තියෙන්නේත් අහිංසක මිනිසුන්ගේ ඉඩම් අරගෙන. උතුරේ ඉඩම් දෙන්න එපා කියන අය දකුණේ ඉඩමක් පවරා ගත්තොත් රෙදි උස්සන් එනවා. ඒ වගේම නඩු නැති දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි.

ඔවුන් වසර 10ක් පමණ තිස්සේ දුක් විඳිනවා. ඒ කාලයේ පුනරුත්ථාපනය කළ 12,000ක් පමණ දැන් හොඳට ඉන්නවා. ඒ දේවල් නොකළොත් මේ අය යළිත් ත‍්‍රස්තවාදයට යොමුවේවි.‘ යනුවෙන් ඇමතිවරයා කීවේය. 



අදහස් (2)

ටීඑන්ඒ සමඟ අලුත් ගිවිසුම් නෑ - රාජිත

godaya Wednesday, 11 April 2018 12:37 PM

එහෙනම් හිටි අඩියේ මොකද ඒ කට්ටිය උතුරු නැගෙනහිර සිංහල ගම්මාන වලට ගිහින් පන්සල් වල හතර මායීම් හොයන්නේ? යුධ හමුදා බල ප්‍රදේශ හදිස්සියේ මොකද ජනතාවට පවරාගෙන යන්නේ?

:       0       230

Bamunuarachchi Wednesday, 11 April 2018 02:42 PM

එ්ක අපි දන්නවා පරණ ගිවිසුමේ සියල්ලම ඇතුලත්, ඒ අලුත් ව්‍යවස්තාවක් හදන එක. එ්කේ දෙමළුන්ට දෙන සියල්ලම ලියලයි තිබෙන්නේ. විශ්වාසබන්ගේදී දෙමල්ලු කලේ පරණ ගිවිසුම මතක් කිරීම පමණයි.

:       1       96

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site