(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික සන්ධානයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පළාත් සභා මන්ත්‍රීවරයකු වන එම්.කේ.සිවාජිලිංගම් හට ඊයේ (7) රාත්‍රීයේ ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට යාපනය පොලීසිය පවසයි.
සිවාජිලිංගම් මහතා නිවසේ සිටින අවස්ථාවේ දී එකවරම හෘදයාබාදයක් ඇතිවී තිබෙන අතර එම අව්ස්ථාවේදීම ආරක්ෂකයින් හා පවුලේ ඥාතීන් එක්ව යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මේ වන විට සුවදායී අතට හැරෙමින් පවතින අතර අවදානම් නොවන බවත් යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් සුවපත් වේවා
මොහුගේ ගත මෙන්ම සිතද සුවපත් වේවා. මහත්මා දේශපාලනයක් කිරීමට මොලේ පෑදේවා.