( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) තීන්දු කළේය.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් තමා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අවසන් වන තෙක් හා ඒ සම්බන්ධයෙන් නීතිපති ගේ උපදෙස් ලැබෙන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි උන්වහන්සේ එයින් ඉල්ලා තිබිණි.
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් හා අනිල් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවූ අතර පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වන ජනක කුමාර මහතා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව, හෝමාගම උසාවියේ තුල උසාවියට අපහස කිරීම නිසා එම උසවියේම මහේස්ත්‍රාත්තුමා විසින් ගොනු කල නඩුවක් ..ඉතින් වෙන වෙන කතා කියල තමාව අත්අඩංගුවට වලකන නියෝග ගන්නේ කොහොමද ? රටේ නීතිය විහිලුවට ලක් කරනවද ? අඩු තරමින් අපිට උසාවියක් ඉදිරිපිට පාරේවත් කෑකෝ ගහන්න පුලුවන්ද ? වාහනයක හොන් එකක්වත් ගහන්න පුලුවන්ද ? මොහුට දඩුවම් කල යුතුමයි .