සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදුනැයි සය මාසයක සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ එම දඬුවම වසර 05ක අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද(08) නියෝග කෙළේය.
අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේදී බැන වැදුනැයි කියන සිද්ධියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් සය මසක සිර දඬුවමක් නියම වී තිබිණි.
ඊට එරෙහිව ඇපෑලක් යොමු කරනු ලැබූ නිසා ඒ හිමියෝ එම සිද්ධියට ඇප මත සිටියහ.
අද එම නඩුව කැඳවූ මහාධිකරණය ඥානසාර හිමියන්ගේ සය මාසයක සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
කෙසේ නමුත් අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් ඒ හිමියෝ තවදුරටත් සිරදඬුවම් විඳිති.
(36698)




ඡායාරූප - ළහිරු හර්ෂණ
COMMENTS
එතකොට.. බීමත්ව රියපැදවීම, ජාතිවාදී සහ ආගම්වාදී කැරලි.. සංවිධාන කිරීම.. දූෂණ චෝදනා .. මේවා අපේ රටේ සහ බෞද්ධ ප්‍රතිපත්තිවලට අදාල දේවල්ද... මේ වැරදිවලට දඬුවම් නැද්ද ..?
රවී මහත්තයා.. ලංකාවේ වැඩිදෙනෙක් උප්පැන්නෙට බෞද්ධ වුණු අය... ඒ නිසා කහ රෙද්දක් අඳින ඕනෑ කෙනෙකුට ඕනෑම ජරාවැඩක් කරන්න පුළුවන්... අපේ අයගෙන් වැඩිපුරම සත්කාර ලැබෙන්නෙත් එහෙම අයට තමයි...
නීතිය සැමට සමාන නැති නිසානේ එල්.ටී.ටී.ඊ. නැවත ඕනේ කියපු අයට කිසිඳු දඩුවමක් නැත. අභය භූමි වනසන, උසාවි කළු තෙල් ගහන අයට කෝ දඩුවම්?
දැනට සිර දඬුුුුවම් විඳින පුද්ගලයෙක් කොහොමද සිවුරු ඇඳගෙන අධිකරණයට එන්නේ..? රටේ නීතිය හැමෝටම එකක් නොවෙයිද?
චෝදනාවට වරදකරු වී බන්ධනාගාර ගත වූ වරදකරුවෙකුට බුද්ධ චීවරය අහිමියි.
සංඝයා වහන්සේ කෙනෙක් ලෙස හැසිරිය යුතු අන්දම ගැන චුට්ටක්වත් හිතුවා නම් කරදරනේ නේද? මේ අාත්මේම පව් නේද මේ ගෙවන්නේ... ?
"බෞද්ධ භික්ෂුවක් " කියන්නේ බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුව තම.. සිත , කය , වචනය පාලනය කරගෙන බෞද්ධ ජීවිතයක් ගතකරන පුද්ගලයෙක් නේද..? දැන් ඉතින් උත්සාහකරලා බලන්න ඒ වගේ කෙනෙක් අපේ මේ .. බෞද්ධ මව්බිමේ ඉන්නවද කියලා..