( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් දඬුවමද තහවුරු කළේය.
එම අභියාචන අඅයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.
නීතිපතිවරයා විසින් පෙත්සමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිගනිමින් මෙම අභියාචන පෙත්සම ඉවත දමන ලදී.
COMMENTS
මෙයා... මේ රටට පෙන්වපු මේ ඇඟිල්ල තමයි අද එයාගේ පැත්තටම හැරිලා තියෙන්නේ.. අපි ඒ ගැන නීතියට හුඟක් ස්තුතිවෙනවා.
"කරන කලට පව් මිහිරිය මීසේ - විඳින කලට දුක දැඩිවෙයි ගිණි සේ.. ඇඳින එ පව් දුරලන උපදේසේ - නුදුන මැනවි තුන් දොර අවකාසේ ".. - ධම්මපදය.
ධර්මය ප්‍රචාරය කරන එකනේද කරන්න ඕනේ? එ්ත් මේ අය කරන දේවල් වලින් බුද්ධ ධර්මය නේද විනාශ වෙන්නේ? මේ ගොල්ලන් ඉත්තන් විදියට අරන් බුද්ධාගම නැති කරන්න සල්ලි දෙනවා ඇති...
ශ්‍රී ලංකාවේ අධිකරණයට ජයවේවා...!!!
මම දන්නේ පුද්ගලයා නොව චීවරයයි. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, වාරියපොල සුමංගල හාමුදුරුවෝ රට ජාතිය බේරාගත් බවයි. පාහරයින්ට ඔවුන් දේශද්‍රෝහීන්ය. පෙර නම්කළා සේ ජනාධිපතිතුමා ඔවුන් ජාතික විරයන්සේ නම්කරනු ඇත.
කට නිසා නහින්නේ මාළු විතරක් නොවන බවට හොඳම උදාහරණයක්... කුම්බලා මාලු කෑවා නම් විඳවපන් බළලෝ කීවලු.. අවුරුදු 6ක් ඉඳලා එද්දී ටිකක් නිවිලා ඒවි.. ඒ ඇවිල්ලා අායෙත් චණ්ඩි පාට් දැම්මොත් ජීවිතාන්තයටම බලු කුඩුවේ...
තවත් අභියාචනා දැමුවොත් අවුරුදු 6 අවුරුදු 12 ක් කරනවා තේරුණාද?
භික්ෂුවකට රැකීමට ප්රාතිමෝක්ෂ සිල්පද 228 ක් ඇත .. මෙච්චර දෙයක් රකින්න තියාගෙන උසාවියක් අස්සට ගියානේ අනවශ්‍ය දේවල් රකින්න... අනේ කාලේ වනේ වාසේ !
හැමටම මේවා හොඳ පාඩම්.
මට කියන්න තියෙන්නේ තමන්ගේ මතය උඩින් තියන්න දඟලන අයට සත්‍යය යට කරන්න බැරිබව පමණයි. කරන දෙයක් ගානට කරන්නවත් දන්නේ නැහැ. නිව්ස් එක බලපු 3115 ට ලයික්ස් ඩිස්ලයික්ස් ප්‍රමාණය බලන්න.