( කේ බුද්ධික කුමාරසිරි )
මීගොඩ ගොඩගම ප‍්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා නිළධාරියෙකු සතුව තිබී ජීව උණ්ඩ 1150 ක් සමඟ හිටපු හමුදා නිලධාරියා සැකපිට අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ බලකා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි
පොලිස් විශේෂ බලකා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකක නිළධාරීන්ට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ ගොඩගම ප‍්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී අදාල ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී තිබේ. එම උණ්ඩ අතර පොයින්ට් 22 උණ්ඩ 810 ක් මිලි මීටර් 9 උණ්ඩ 330 ක් ටී පනස් හය සදහා යොදා ගන්නා උණ්ඩ 09 ක් සහ පිස්තෝල මැගසිනයක් සොයා ගෙන තිබේ.
මෙලෙස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි හිටපු යුද හමුදා බලලත් නිළදාරියෙකි. සැකකරු යුධ හමුදාවේ වායු රයිෆල් වෙඩි තැබීමේ ශූරයෙකු වන බවද අනුරාධපුර ප‍්‍රදේශයේ පදිංචිව සිට වසර කිහිපයකට පෙර ගොඩගම ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති බවද එම ඒකකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තවත් රණවිරුවෙක්... නේද ජනාධිපතිතුමනි?
රණවිරුවාගේ නාමයට මුවාවී කෙරෙන නීති විරෝධී ක්‍රියා නැවතිය යුතුව පවතී. එහෙත් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මකව පවතින විට විපක්ෂයේ සමහර දෙනා නැට්ට ගිනි ගත්තා සේ ' මෙන්න රණ විරුවන් හිරේ දානවෝ ' යනුවෙන් බෙරිහන් දී ජනතාව නොමග යවා ඔවුන්ව රජයට, පොලිසියට හා නීතියට එරෙහිව උසිගන්වන අවස්ථා එමටයි. ඒත් මෙම තක්කඩින්ට එරෙහිව කිසිදු නීතියක් මෙරටෙහි ක්‍රියාත්මක වන්නේ නැත.
ක්‍රීඩාවක නිරත වෙලා ඉන්නකොට ඊට අදාළ උපකරණ ටික ටික එකතුවෙලා ගොඩ ගැහෙනවා. 22 කියන්නේ වායු රයිෆල් වලට භාවිතා කරන උණ්ඩ විශේෂයක්. ඉතින් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැතිව නිකන් රණවිරුවන්ට ගරහන්න එපා...