IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාවාරම්කරුවෝ නරි ඔය දෙපස වනය වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

නවගත්තේගම සිට ගලා බසිනා නරි ඔය දෙපස වසර සිය ගණනක් පැරණි ගස් කැපු ජාවාරම්කරුවන් හඳුනාගෙන තිබුණද ඔවුන් සදහා නිතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම ජාවාරම්කරුවන් විසින් නරි ඔය දෙපස තිබු මී ,කුඹුක් , ඇතුළු වසර සිය ගණනක්  පැරණි ගස් කපා දමනු ලැබ ඇත. 

රාජ්‍ය නිළධාරින්ගේ මැදිහත් විමෙන්‍  කෙරෙන මෙම දැව සංහාරයට මාස කිපයක් ගතව ඇතත් මේ පිළිබඳව නිසි පරික්ෂණයක් නොකිරීම බරපතලම තත්වයක් බවත් කැලැවට ඇතුළු වි  ලී කැබැල්ලක් තම අවශ්‍යතාවයට කපා ගන්නා මිනිසුන්ට නිතිය ක්‍රියාත්මක වන බවත් ප්‍රදේශවාසීහු කියති.

තබ්බෝව ජලාශයට ජලය සැපයෙන  ප්‍රධාන ජල මාර්ගයක් වන නරි ඔය නාන්නේරිය සිට ආරම්භ වන බව කියැවේ. නවගත්තේගම සිට සැතපුම් 30 කට වැඩි දුරක් ජලය රැගෙන එම සිදුවෙයි . ඉතා අලංකාර පරිසර රටාවකින් පුර්ණවත් නරි ඔය දෙපස මෙම දැව ජාවාරමට අමතරව වැලි ජාවාරමද සිදුවන බව ප්‍රදේශවාසිහු කියති. 

රාජ්‍ය නිළධාරින් මෙම දැව විනාශයට සම්බන්ධ වී ඇතැයි යන්න කියැවෙන කරුණු සම්බන්ධයෙන් නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් ආර්.ඩි. ජී. පොඩිනේරිස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ  පවසා සිටියේය.

“මේ පිළිබදව මට දිස්ත්‍රික් ලේකම් තුමා කථා කර විමසුවා. එවිටයි මා මේ ගැන දැන ගත්තේ. මේ සිද්ධියට සම්බන්ධ ග්‍රාම නිළධාරිවරයාටඑරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබේනවා“ යයි කී පොඩිනේරිස් මහතා දැනට තිබෙන තොරතුරු අනුව මෙම ගස් කිපයක් කපා තිබේන්නේ අන්දර වැව ධිවර ප්‍රජාලාවේ  ශාලාවේ වහලයට ලී ගැනීම සඳහා බවද පැවසීය. 

එම ගොඩනැගිල්ලේ වහලයට මී ලී හෝ කුඹුක් ලී දැමිමට එම කොන්ත්‍රාත්තුවේ තිබේ දැයි කළ විමසිමේදි ප්‍රාදේශීය ලේකම් වරයා පවසා සිටියේ එම ගොඩනැගිල්ලට කෙම්පස් ලී දැමිමට ගිවිසුමේ ඇති බවයි. කිසිම අයුරකින් මෙම ගස් වල ලී වහලයට දැමිමට අනුමත කර නැති නිසා මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු පැවසිය.



අදහස් (0)

ජාවාරම්කරුවෝ නරි ඔය දෙපස වනය වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site