අජන්ත කුමාර අගලකඩ
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයන කර තීරණයක් ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
මේ සඳහා කොමිටුවක් පත් කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර 20වන යෝජනාවට විරුද්ධ විය යුතු බව වැඩිදෙනෙකු ප්‍රකාශ කර ඇත.
පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ මේ සතියේ සිටම ආරම්භ කිරීමටද එහිදී තීරණය කර තිබේ.
COMMENTS
තව අවුරුදු කීයක් ඕක අධ්‍යනය කරයිද දන්නේ නැ.
ජවිපෙ මෙදා පාර නම් කරන්න හදන්නේ මෝඩ වැඩක්. මොකද රටේ තියෙන ක්‍රමය විදියට අද කාලේ අපේ පාර්ලිමේන්තුවට පත්වෙන මන්ත්‍රීවරු එක පිරිසක් හරිහැටි අධ්‍යාපනයක් නැති නුගත්තු. ඔවුන්ට මේ රටක අනාගතයක් ගැන වගේ වගක් නැහැ.ආපු දා ඉඳන් තමන්ගේ බඩ වඩා ගන්නමයි දඟලන්නේ. තව පිරිසක් පිටරට උපාධි තොගපිටින් ගත්තු අය. හැබැයි ලෝක හොරු.මේ අය සල්ලි ලැබෙනවනම් ඕනි ජරා වැඩක් කරාවී. අනික ජවිපෙට ලැබෙන මන්ත්‍රී ගණන අතේ ඇඟිලි ගානක්. ඉතින් ජවිපෙ ඔය හදන්නේ රටේ විධායක ජනපති තෝරන බලය ජනතාවගෙන් ගලවල අර තක්කඩි පිරිසට පූජා කරන්න. අපේ රටට මොන හෙනයක් වේවිද?
හා හා හා.... ඔය එන්නේ බිංගේ ඇතුලෙන් පොඩි එළියක් . කළාමැදිරියෙක් වෙන්න ඇති නේද ??? බලමු බලමු කළාමැදිරියෙක් ද, කෝච්චිය ද , බර කරත්තයක් ද කියල??? නිල් අයියල රතු මලයලට කැරට්ද පතෝලද එහ්මත් නැත්නම් වැටකොළුද දෙන්න යන්නේ ???
අධ්‍යනය නොකලට 4 පන්තියේ ළමයෙක් ඇහුවනම් කියාවි!