(රන්න- චන්ද්‍රසේන ගමගේ සහ බෙලිඅත්ත පද්මසිරි කාරියවසම්)
එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දීම ඉතාමත් අවාසානාවන්ත සිදු වීමක් වශයෙන් සැලකිය හැකි බවද ජූලි 29 දින මේ රට ට අවාසනාවන්ත සිදු වීම් ඇති කරන දිනයක් බවට පත්ව ඇතැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) සවස තංගල්ල කාල්ටන් නිවසේදී පැවසීය.
හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය .
එහිදී තව දුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා , හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරම්පරා ගණනක් හම්බන්තොට වරාය ගැන සිහින දැක්කා. මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැති තුමා, චමල් රාජපක්ෂ මැති තුමා වගේම එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුලරත්න වැනි නායකයන්ද හම්බන්තොයට වරාය ඉදිකරීම පිළිබදව සිහින දැක්කා. ඒ සිහිනය මට සැබෑවක් කරන්න පුළුන් කම ලැබුණා. මට අද දිනය ඉතාමත් කණගාටු දායක දිනයක් .
නිසි කළමණාකරනයක් යටතේ ලාභ ලැබිය හැකි හම්බන්තොට වරාය චීන සමාගමකට 99 අවුරුද්දකට බදු දීම පරම්පරා ගණනකට චීන සමාගමට බදු දීමක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ඉඩම් ජනතාවට ලබා දී තියෙන්නේත් 99 අවුරුදු බදු ගිවසුම් යටතේයි. එම ඉඩම් වල පරම්පරා කීයක් නම් ජීවත් වෙනවාද?
මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ජාතික සම්පත් පාඩු ලබන තත්වයට ගෙනත් විකුණා දැමීමයි. නැත්නම් මත්තල ගුවන් තොටුපලේ වී ගබඩාක් කරන්නෙ නෑ.

COMMENTS
හොංකොං චීනයට අහිමි වුණා සේම, හම්බන්තොට ලංකාවට අහිමි වෙන වගයි..
එතකොට යුධ හමුදා මූලස්ථානයේ ඉඩම් විකිණුවටද? හම්බන්තොට අක්කර 1400 ක් විකිණුවටද? ඔය ශෝක දිනයක් වගේ කතා කරන්නේ...
මේවට සම්පුර්ණ වගකීම ගන්න වෙන්නේ හිටපු අයට තමයි.
යුද්ධෙන් ඉතුරුවුන සල්ලිවලින් ඕක හැදුවානම් , ඩොලර් බිලියන 1ක් ණය ගන්නෙ නැතුව, අද කණගාටුවෙන්න දෙයක් නැහැ.
ඔය කියන නිසි කළමනාකාරිත්වය මහින්ද ට කරන්න තිබුන නේද ? දැන් කියවන්නේ. අවුරුද්දකට නැව් 10-12 ඇවිත් කොහොමද වරායක් නඩත්තු කරලා ණය ගෙවන්නේ? තමාගේ කොම්ස් කුට්ටිය ගත්තම රටට කෙල උනාට කමක් නැහැ කියල හදපුව නේද? ශක්‍යතා වාර්තා විසි කරලා , මෝඩ වැඩ කලාම කට හරි බදු නොදී වෙන මොනවා කරන්නද ?
ඉතින් ඔහේ අවුරුදු 10ක්ම කලේ, පලාත් සභා, විධායක ජනාදිපතිකම අහෝසිකරනව කිව්වට කලේ නැහැනෙ.
මේක චිනෙට විකිනලා ගන්න හිටිය කොමිස් කුට්ටිය නැතිඋනා නිසා පිස්සුවෙන් දොඩෝනවා
මහින්ද හදනවා මෛත්‍රි විවුර්ත කරනවා. රනිල් විකුනනවා. ඕකයි ඇත්ත.
මේකට තවමත් දවල් හීන් පෙනෙනවා වගේ කතාවේ හැටියට. ඉන්නකම් රටම උගස් කෙරුව සහෝදරයෝයි පුතාලයි එකතුකරගෙන.
ඔබ තුමා නෙවෙයිද පොර්ට් සිටි එක චීනෙට සින්නක්කරව දුන්නේ...
මහින්ද රාජපක්ෂ හිටපු ජන්දිපතිතුමනි, ලිච්චවී රජාවන්සයටත් අවමන් කරන යහපාලන ආණ්ඩුව සිගිරියයි, දලදා මාලිගාවයි උකසට තියන්න කලින්, මේ සිංහල රට බේරගන්න ආයෙත් පෙරට එන්න.
දිනයෙ වැරැද්ද නෙමෙයි ගත්ත ණය ප්‍රමානයයි , ණය ගෙවන්න සරිලන අදායමක් නැති එකයි ප්‍රශ්නය. කොලඹට වාහන ගේන නැව් බලයෙන් එහාට යවල නැව් එනව කිව්වට බැහැ. මත්තලට වෙන්නත් ඕකම තමයි ඉස්සරහට, බලෙන් ප්ලේන් බාගන්න බැහැ ගුවන් සමාගම් කැමති නැත්නම්. කවුරු නැතත් ඔහේගෙ හිත දන්නවනෙ මේකෙන් කොච්චර මුදල් එහෙ මෙහෙ උනාද කියල.
කුහකකම හිටපු ජනාධිපතිකමටත් වඩා ලොකුයි
මෙයා දැන් කිඹුල් කඳුළු හෙලමින් යහපාලන රජය පතුරු ගහන බව මුළු රටම දන්නා කරුණක්. දැන් මෙහෙම කිවුවට එදා මෙයාම ගාලු මුවදොර අති විශාල වටිනාකමකින් යුත් විශාල භුමි භාගයක් සින්නක්කර ඔප්පුවකින් තරු හෝටල් සමාගමකට ලියා දුන්නේ එයාට ලැබුන දෑවැද්දක් කියා සිතා ගෙන වෙන්න ඇති නේද ?
තමන්ගේ සාක්කුව පිරෙන්නයි අනුවණ මිනිසුන්ගේ ඡන්දේ ගන්නයි. ඒ කාලේ කවුදෝ කෙනෙක් මේක ඔරොත්තු දෙන්නැති අධික වියදමකින් හැදුවලු... එක නැවක් වත් එන්නැති... ලැජ්ජාව වහගන්න එදා කොළඹට එන වාහන නැව් බලෙන් හම්බන්තොටට හරවලා අර වාහන අමතර පිරිවැයකින් ආපහු කොළඹට පාරෙන් ගෙනවාලු ... එයාලගේ නම අපේ හම.. (බදු ගෙවන්නේ අපිනේ) ඇති යාන්තන් දැන්වත් ආදායමක් නැති වරාය චීන්නුන්ට බදු දීල වත් ගොඩ ගන්න හැදුවට..
දැක්කද ගිවිසුම අත්සන් කරන වෙලාවෙ චීන තානාපති කරපු කතාව ? . "මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට. හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර ,දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි." ඒක මාක්ස්වාදීද, ධනවාදීද දන්නෙ නෑ, නමුත් ඒක තමයි යථාර්තය
ඔබතුමා අපේ රට ආරක්ෂා කළා. රට විකුණුවේ, පාවා දුන්නේ නැහැ. නැවත මෙරට බලය ගෙන මේ ගිවිසුම් අහෝසි කර රට බේරාගන්න.
චීනය බලවත් නිසා වරායට නැව් ගෙන්වීමට ලොකු හැකියාවක් තිබෙනවා. හැම දේටම කෑගහන්න නිදහස ලැබුන එකම මදිද? එස්.එෆ් ට වගේ හිරේ විලංගුවේ නොවැටී...
තොත්ත බබාලා වගේනේ කතාකරන්නේ අනේ. රටේ ධනය කොච්චර සාක්කුවට දාගත්තාද? නමුත් ඔබතුමා යුද්ධය දිනුව වීරයෙක්... අපි ඔබට ආදරෙයි.
මේ රට ගෙවන්නේ ඒ පව් තමයි, දැන් බයිලා කියනවා. සුදනා වෙන්න.
මෙතුමා කොහොම කිවුවත් ළඟදීම, එයාටම තේරෙනවා නේ එයාගේ පළාතේ, මැස්සන් ගහන ගුවන් තොටුපොලත්, බෝට්ටුවක්වත් එන්නේ නැති වරායවකුත් හැදුවේ එයාගේ නම ලියපු බෝඩ් ලෑලි එල්ලා ගන්න කියලා! ගෙවීමට බැරි තරම් අහස උසට නැගපු ණය ගෙවා ගැනීම සඳහා රජය ගත් මේ තීරණය අගය කල යුතු වෙනවා !!!
මේ කතා ගණන් ගන්න එපා. මෙයා රට ගිනි තියලා බලය ආපහු පවුලට ගන්න ඕන කතාවක් කියයි. ඕන ජරා වැඩක් කරයි. අවධානයෙන් හිතලා බලන්න. මොන මිනිහද රටේ ඉහළම තනතුර හොබවලා.... අායෙත් පහළ තනතුරක් හරි අරගෙන එල්ලිලා ඉන්නේ. තණ්හාව පේනවා නේද? දැනටත් පාර්ලිමේන්තුවට ඇවිත් එ්ක හරි කතාවක් කියනවද? නෑ. තැන්තැන් වල ගිහින් ඕපාදූප කිය කියා ඉන්නවා. මේ වගේ මිනිසුන් අදහන්න එපා, කරුණාකරලා.
මෙතුමාට එක දවසයි මෙහෙම ශෝක දිනයක් එන්නේ.. නමුත් මෙතුමාගේ පාලන කාලයේ පැහැරගත් තරුණයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට සදාකාලික ශෝක දිනයන් වෙලා ඉවරයි..
ඔබ අද ඔය කිඹුල්කඳුළු හැලුවාට අද ඔබ හිටියා නම් කොන්ද තිබෙන කෙනෙක් ලංකාවේ නැතිව යනවා..., ජාතික අපරාධ ගැන කතා කරන්න. ඔබතුමාගේ රෙජිමය විසින් ජාතික ධනය ඔබතුමාගේ ගෙය පුරවන නිසා....
මෙහෙම කථා කරන්නේ ඇඳුම් ඇඳගෙනද මන්දා?
අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණ වෙයි. අදත් පාඩු ලබනමුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් මිලියන 1.2 ක ණයක් ගෙවීමට අවුරුදු 30,000 ක් පමණ යයි. ඒත් පොලී ගෙවීමට අවශ්‍ය නැත්නම් පමණි.
ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ අදාල ඉඩම් ප්‍රමාණය චීනයේ වරායන් අයත් සමාගමකට බදුදී එහි වරායක් බී.ඕ.ටී. ක්‍රමයට සාදවා ගැනීමය. එසේ වූවානම් වරාය සෑදීමට වියදම් වන්නේ රට ණය වශයෙන් ලබා ගන්නා මුදල් නොවේ. එසේම යන වියදම අනුව අවුරුදු 35-50 ක කාලයකින් වරාය නැවත රටට ලැබෙන ලෙස සැලසුම් කිරීමට ඉඩ තිබිණි. ඉදිකිරීම් වලදී ලබා ගත හැකි විශාල විදේශ මුදල් කොමිස් කුට්ටි නිසා එය එසේ සිදුවූයේ නැත.
හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ වන්නේ 2008 වසරේදීය. 2010 වරාය විවෘත කරන විටත් 2015 දක්වාත් වරාය අශ්‍රිතව බිහිවීමට සැලසුම් කල කර්මාන්ත ශාලා සහ බිහිකිරීමට සැලසුම් කල රැකියා දේශපාලන වාසි තකා ඉදිරිපත් කරන තර්ක වලට පමණක් සීමා වී තිබිණි. එහෙත් ඒ සඳහා ලබාගත් ඩොලර් බිලියන 1.2 පමණ වන විදේශ මුදල් ණය වල වාරික සහ පොලී ගෙවීම නම් කළ යුතුව තිබිණි.
හීනය සැබෑ කරපු එක හොඳයි, හැබැයි හතරවරම් ගහලා රට හිඟමනට පත්කළ එකයි වැරැද්ද....
ලංකාව කියන්නේ බටහිර සහ නැගෙනහිර ලෝකය නම් කරන තහනම් ස්ථානයක්. මේ මුහුදු මාර්ගය අති විශාල වෙළඳ ගනුදෙනු වෙන තැනක්. අපේ රට පිහිටා තිබෙන ස්ථානය නිසා අපේ රටේ වරායන් වලට ලොකු අාදායම් උපයන්න පුළුවන්.. දැනට කොළඹ වරාය සතුව පවතින්නේ පර්යන්ත තුනක් පමණි. නැගෙනහිර පර්යන්තය ඉදිවීමත් සමග 4ක්. එමනිසා වේලි වේලි තියන හම්බන්තොට වරාය මේ අන්දමට හෝ දියුණු කළොත්, රටේ රැකියා විශේෂයෙන්ම ඒ ප්‍රදේශය රැකියා ප්‍රශ්න වලට පිළිතුරක් දෙන්න පුළුවන්. මොකද වරායක් ආශ්‍රිතව කර්මාන්ත පුරයක් ඉදි කළොත් රැකියා විරහිත සැමටම රැකියා ලැබෙනවා. ඒ වගේම රට මැද අභ්‍යන්තර වරායන් ඇති කරන්න පුළුවන්. ඒ මගින් රටේ ආර්ථිකයට විශාල ප්‍රාග්ධනයක් ඇති කරන්න පුළුවන්.
අයියලා, මල්ලිලා එකතුවෙලා ණය අරගෙන කිසිම පිළිවෙලක් නැති විදියට වියදම් කරලා, දැන් වෙන ආණ්ඩුවකට බනිනවා. ගම දියුණු කරන්න වරායවල්, ගුවන් තොටුපළවල්ම ඕනෙද? රටේ ජනාධිපති වෙලා හැමෝටම ඕනේ එක එක පොදු තැන් වලට තම තමන්ගේ නම දාගන්න. රටට හෙන ගහල ගියත් කමක් නැහැ... තමන්ගේ නම කියවෙන තැන් තියෙනවා නම්. දේශපාලකයා ජනතාවගේ සේවකයෙක්ද? ජනතාව දේශපාලකයාගේ සේවකයෙක්ද? ඔබතුමාත් මේවට වග කියන්න ඕනේ.
අර සේවින්ග්ස් හම්බන්තොට ගැන යමක් කතා කරමුකෝ !!!
17 වෙනි සංසෝදනය සිදුකල දින තරම් ජොලියක් නැත