(නිමන්ති රණසිංහ)
ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(17) නියෝග කළාය.
ඇමරිකා ඩොලර් 32ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එහි අනෙක් සාක්කිකරුවන්ට අද නොතීසිද නිකුත් කෙරිණි.
COMMENTS
මේ තමයි හිටපු පාලකයාගේ අපූරු මස්සිනා පොඩ්ඩ. පවුලේ අනිත් අය වගේම මෙයත් ඔබේ සහ මගේ සල්ලි අමුඅමුවේ හොරා කෑවා. ලොක්කා මෙයාව යැව්වේ ඇමරිකානු තානාපති කරලා.
ඇමරිකා ඩොලර් 32ක්...? මෙතන මොකක් හරි පොඩි වැරද්දක් තියනවා වගෙයි.
ඇමෙරිකා ඩොලර් 32?
පහුගිය ආණ්ඩුවේ වැරදි උඩ පැන පැන දානවා. කෝප් කමිටුවේ අය අැලෝසියස්ට පණ යනකම් කෝල් අරන් සල්ලිත් අරන් ඒවා ගැන වචනයක් නෑ.
ජාලියගේ මස්සිනා ඉන්නේ එංගලන්තේ. මොහු හොරකම් කල මුදල් තියෙන්නේ ඔහු ලඟයි. මස්සිනා ජීවත්වෙන විදිහට එය කාහටත් තේරෙන සත්‍යයක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාලියගේ මස්සිනා ගැන පරීක්ෂණයක් කල යුතුයි.
මොනවද ඉතින් උසාවියකට ගිහින් වැරදිකරු වුණොත් කෙලින්ම බන්ධනාගර රෝහලට යයි. ඊට පස්සේ ඇප ලබාගෙන ගෙදර යයි.
ඩොලර් 32 නෙමේ, ඩොලර් 132000.00 ක් නේ...
මෙයාගේ එංගලන්තේ ඉන්න මස්සිනාගේ හොර වත්කම් ගැන ඔක්කොම විස්තර එක්තරා ඔහුගේ යාලු බංකොලොත් කණ්ණාඩි කඩ කාරයෙක් බිව්වම හැමතැනම කියවනවා.
සුරම්‍යා, ඔය කියන බංකොලොත් කණ්ණාඩි කඩකාරයාගේ පාසලේම අතිජාත යාලුවෙක් කියනවා පම්පෝරි ගැහුවට ගෙදර වාරිකය ගෙවන්නෙත් ඔය හොරුන්ගෙන් ණයට ඉල්ලගෙන කියලා.
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නද? එ්ක කරන්න ඉතින් එයා හැංගිලා ඉන්න තැන දැන ගන්න ඕනනේ? කවුද දන්නේ හැංගිලා ඉන්නේ කොහෙද කියලා! අපට ලැබුන ආරංචි අනුව මේ මහත්තයා මැදමුලන ආරක්ෂාව යටතේ හංගා ගෙන ඉන්නවා කියලා. කොහොම වුණත් පිල්ලි ගැහුවා කියන මුදල නම් බොහොම සොච්චම් ගානක්. මුද්‍රණ දෝෂයක් වෙන්න ඇති.