IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ අපවත් වෙති

ආරියරත්න රණබාහු

ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ නිර්මාතෘ සහ විහාරාධිපති ආචාර්ය ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද (28) අපවත් වූහ.

භාරතයේ ප්‍රධාන සංඝනායක ධූරයද හෙබවූ උන්වහන්සේ අපවත් වන විට 72 වන වියේ පසුවූහ.

ඥනරතන හිමියෝ කොළඹ මාලිගාකන්ද විදද්‍යෝදය පිරිවණේ අධ්‍යාපනය ලැබූ අතර 1973 වසරේ ශ්‍යාමි රාජ ත්‍යාගය දිනාගෙන වසරේ දිප්තිමත්ම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගත්හ.

උන්වහන්සේ 1976දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් අතර 1980 දී ඉන්දියාවට වැඩම කර ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගත්හ.

එහිදී උන්වහන්සේට කඹුරුපිටියේ චන්ද්‍රරතන , ගලගෙදර පඤ්ඤානන්ද සහ මහචාර්ය වරාගොඩ ප්‍රේමරතන නාහිමිවරුන්ගේ සහය හිමිව තිබේ.
1989දී ලක්නව් විශ්ව විද්‍යාලයෙන්ම අචාර්ය උපාධිය ලබා ගත් උන්වහන්සේ එංගලන්තයේ බර්මින්හැම්ග් නුවර ඇස්ටන් බෞද්ධ විහාරයේ අධිපතිධූරයේ වසර දෙකක පමණ කාලයක් ගත කර නැවත ඉන්දියාවේ සංකස්සපුරයට වැඩම කළහ. එහි පුණර්ජිවන කටයුතු සඳහා උන්වහන්සේ මහත් මෙහෙයක් ඉටු කළ අතර එහි විශ්මිත දියුණුවක් ඇති කළ යතිවරයානන්  වහන්සේ නමක් ලෙස ප්‍රකටය.
 
දේහය මාතර කිරින්ද පුහුල්වැල්ල පුර්වාරාම පිරිවණේ තැන්පත් කර ඇති අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දීමට නියමිතය.



අදහස් (4)

ජුලම්පිටියේ ඥනරත්න නාහිමියෝ අපවත් වෙති

Saman Wednesday, 28 March 2018 01:19 PM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !

:       0       64

Venerable Tawalama Bandula Wednesday, 28 March 2018 01:28 PM

ජුලම්පිටියේ ඥානරතන නාහිමියෝ ඉන්දියාවේ කරනලද සේවය ඉතා විශාලය. උන්වහන්සේට නිවන් සුව පතමු.!

:       1       133

wedage Thursday, 29 March 2018 05:20 AM

ඔබ වහන්සේට නිවන් සුව ප්‍රර්ථනා කරමි!

:       0       0

jayasekara Thursday, 29 March 2018 06:47 AM

බොහොම කනගාටු ආරංචියක්....මමත් දඹදිව සංකස්ස මෛත්‍රී අපේ ලංකාවේ පන්සලට ගියා...මුස්ලිම් බහුතරයක් වෙසෙන ගමක ලග පාත කඩයක්වත් නැති තැනක තමා පන්සල තියෙන්නේ....නමුත් ලාංකික නඩ ආපුවම පුදුම විදියට සලකන්නේ .... සනීපාරක්ෂක පහසුකම්.. ජලය...හැමදේම.. අපවත් වී වදාළ නායක හිමියනට නිර්වාන සුවයත්... දඹදිව සංකස්ස විහාරයේ නව නායක හිමියන්ට ඉන්දියාවේ අති දුෂ්කර පලාතක තිබෙන දඹදිව සංකස්ස විහාරයේ අපේ පන්සලේ වැඩ කටයුතු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ......

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site