IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එස්. පියසේන දිවියෙන් සමුගනී

(ජගත් රණතුංග)

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්.පියසේන මහතා අද (5) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

උදෑසන ආහාර ගනිමින් සිටියදී ඇතිවූ හදිසි රෝගාතුරවීමක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරන විටත් ඒ මහතා මියගොස් සිටියේය.

දිනපතා ලංකාදීප පුවත්පතේ සිකුරාදා ආවර්ජනා තීරු ලිපිය රචනා කළ පියසේන මහතා මිය යන විට 96 වැනි වියේ පසුවිය.

සෙම්බුකුට්ටිගේ සේනාධීර පියසේනයන්ගේ බිරිය වූ සෝමා කරුණාතිලක මහත්මිය මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූවාය.

පස්යොදුන් කෝරළයේ අලුත්ගම දේවගොඩ ග්‍රාමයේ ජන්ම ලාභය ලැබූ ඒ මහතා සිව්දරු පියකු විය. පියසේන මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. එහිදී ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන්ගෙන් සිංහල ඉගෙනගත් පියසේන මහතා පොල්වත්තේ බුද්ධදත්ත, ආනන්ද මෛත්‍රිය යන හිමිවරුන් සෙවණේ සිප්සතර ලබා ඇත.

ආනන්දයේ ඉගෙනුම ලැබීමෙන් පසු ඉන්දියාවේ කල්කටාවට ගොස් බීකොම් හැදැරූ අතර එහිදී වාමාංශික දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වී ට්‍රොස්කිවාදියකු විය.

ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ තම පියා නිසා ලංකාවේ වාමාංශික ව්‍යාපාර හා බැඳී දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ වැනි වාමාංශික නායකයන් ඇසුරු කළේය. එම පක්ෂයේ මුල්ම පුවත්පත වූ ජනශක්තිය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූයේද පියසේන මහතාය. සමස්ත ඉන්දීය ගුවන්විදුලියේ වසර 11ක් සේවය කළ පියසේන මහතා දෙවසරක් ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස ද රාජකාරී කළේය.

හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙසද කටයුතු කළ පියසේන මහතා එවකට අලෙවිය පහත වැටී තිබූ දවස, ලංකාදීප වැනි පුවත්පත්වල අලෙවිය කිහිප ගුණයකින් වැඩිකිරීමට දායක විය.

ශ්‍රී ලංකා පළමු පාර්ලිමේන්තුවේ පළමු සිංහල සමගාමී කතා පරිවර්තකයා වීමේ ගෞරවය දිනා ගන්නේ ද ඇස්.පියසේන මහතාය. ලංකා ගුවන්විදුලියේ රහස් පරීක්ෂක කථාවල පුරෝගාමියා වන්නේ ද ඒ මහතාය.

ඕස්ට්‍රේලියා පුරවැසිභාවය හිමි පියසේන මහතා සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර මියයන විට පනාගොඩ රොමියෙල් මාවතේ ශාක්‍යසිංහාරාමය අසල නිවසේ ජීවත්ව සිටියේය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා (7) සවස 3ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. දේහය 732/3, රොමියෙල් මාවත, පනාගොඩ, හෝමාගම නිවසේ තැන්පත් කර තිබේ.



අදහස් (0)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එස්. පියසේන දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site