IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘ජ‘පුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් නෑ‘

(බිඟුන් මේනක ගමගේ)
 
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මුදල් අයකරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණවලට මිස මරණ පරීක්ෂණවලට නොවන්නේ යැයි ද එවැනි මුදලක් අයකිරීමට සිදුව තිබෙන්නේ සිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු නොමැති නිසා යැයි ද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ලංකාදීපයට කීය.
 
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව කීවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී කරනු ලබන මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීමට එම රෝහල් කළමනාකරණ මණ්ඩලය තීරණය කළේ කවර පදනමකින්දැයි අසමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට යොමු කළ ලිපිය ගැන විමසීමේදීය.
 
පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුබෝවිල රෝහලින් පැමිණෙන වෛද්‍යවරයාට එම මුදල සේවා ගාස්තුවක් ලෙස ගෙවන්නේ යැයි ද ඒ මහතා කීය. 
 
රෝහල් මණ්ඩලයට මෙම මුදල අය නොකොට අවශ්‍ය නම් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන්නැයි නියම කෙරෙන මෘත ශරීර කළුබෝවිල රෝහලට රැගෙන යන්නැයි නියම කළ හැකි නමුත් එවැනි තීන්දුවකින් සිදුවන්නේ එම මරණවල නෑසියන් දැඩි අපහසුතාවයට පත්වීම යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
 
අධිකරණ අමාත්‍යංශය අධිකරණ වෛද්‍ය නිලධාරින්ට පශ්චාත් මරණ පරීක්ෂණයකට රුපියල් හයසීයක් වැනි මුදලක් ගෙවන්නේ යැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය නම් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අධිකරණ වෛද්‍ය නිලධාරියකු ලබාදීමට හැකි යැයි ද වෛද්‍ය වේරවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
 



අදහස් (0)

‘ජ‘පුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 537 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site