සංචාරයක් සඳහා පැමිණි ජපාන යුධ නෞකා දෙකක් මේ වනවිට කොළඹ වරායේ නැංගුරම්ලා ඇත. ජපානයේ ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් වන මෙම නෞකා දෙක ‘කාගා’ සහ “ඉනසුමා” ලෙස හැඳින්වේ.
කාගා නෞකාව දිගින් මීටර් 248 ක් වන අතර එහි ධාරිතාවය ටොන් 19,950කි. 400 දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි රාජකාරී කරනු ලබයි. සබ්මැරීන ලුහුබැඳ යාහැකි හෙලිකොප්ටර් හතරක් ද යාත්‍රාව සතු වේ.
ඉනසුමා නෞකාව දිගින් මීටර් 151 හා ධාරිතාවය ටොන් 4,550 ක් වන අතර එහි 170 ක පිරිසක් සේවය කරති.
මෙම නෞකාවන් කොළඹ වරායේ නැංගුරම්ලෑමට පෙර ජපානයේ සිට පැමිණෙන අතරතුර පිලිපීන, ඉන්දුනීසියා හා බ්‍රිතාන්‍ය නාවුක යාත්‍රා සමඟ යුධ අභ්‍යාස වල යෙදී ඇත. චීනය විසින් සාගර කළාපයේ ආධිපත්‍ය වර්ධනය කරන අතරතුර ජපාන යුධ නෞකා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන බව මේ සම්බන්ධව අදහස් දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
දින 05 ක නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.
නෞකා දෙකේ කපිතාන්වරු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවීමට ද සැලසුම්කර ඇති අතර සංචාරයෙන් අනතුරුව ඔක්තෝබර් 04 වන දින මෙම නෞකාවන් කොළඹ වරායෙන් පිටත් වීමට නියමිත බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
අපේ හමුදාව පුහුණු කරන්න ජපානයට පුළුවන් තාක්ෂණය තියෙනවා. ආව එකෙන් ප්‍රයෝජනයක් ගන්න.
ජපානයට සමාව දීමේදී යුද්ධ ආයුධ නිපද වීම තහනම් කළා නේද?