(හර්ෂණ තුෂාර සිල්වා)
සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් ජූනි 27 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වේ.
එමෙන්ම කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට වැසි ලැබෙනු ඇතැයි ද එම අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරුමැද සහ ඌව පළාත්වලටත් මාතලේ සහා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති විය හැකි බව පෙන්වාදෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වනු ඇතැයි ද සඳහන් කරයි.
කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල (මි.මි. 75 ක් පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද පෙන්වාදෙන එම දෙපාර්තමේන්තුව ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලටත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි යැයි ද අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ශ්‍රී ලංකාවේ බස්නාහිර කොටසට, බටහිර බෙංගාලයට සහ බංග්ලාදේශයට සැලකිය යුතු වර්ෂාවක් ලැබෙනු ඇතැයි බී.බී.සී පුවත් සේවයේ කාලගුණ අනාවැකිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබා දහමේ අසිරිය විනාශකර ගත්ත අපි ඉදිරියේදී ස්වභාව දහමෙන් අපිට දෙන දඬුවම් වලට මුහුණ දීමට මීට වඩා තාක්ෂණික උපකරණ කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවට ලබා දුන්නොත් හොදයි නේද? පෙර සූදානම හරි තියෙනවනේ එතකොට....