IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජෝන් මැකේන්ගේ අභාවය ගැන අගමැති සොව පළකරයි

(  හර්ෂණ තුෂාර සිල්වා )

ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී සෙනට් සභික ජෝන් මැකේන් හැම විටම මෙරට විශ්වාසනීය මිතුරකු ලෙස කටයුතු කළේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභික ජෝන් මැකේන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ බව සඳහන් කර ඇත.  

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභික ජෝන් මැකේන් මහතා ඉකුත් දා (25) අභාවප්‍රාප්ත වූ අතර ඔහු මිය යනවිට 81 වන වියේ පසු විය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

“සෙනට් සභික මැකේන්ගේ අභාව සම්බන්ධයෙන් මමත් මෛත්‍රීත් කනගාටුවට පත්වුණා. ජොන් මැකේන් 1990 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියා. එතැන් පටන් අප හොඳ මිතුරුන්. වසර 2014 දී ඇරිසෝනාහි පැවැති සෙඩෝනා සමුළු සම්මන්ත්‍රණයට සහභාගී වූ අවස්ථාවේදීත් අපි හමුවුණා. ඔහු ඔහුගේ අවසන් වසර ගත කළේත් එහි. 

ජෝන් මැකේන් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී ඔහු හැකි සෑම සහයෝගයක්ම ලබාදුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය සඳහා ද්විපාර්ශවීය සබඳතා තුළින් සහයෝගය දුන්නා. ශ්‍රී ලංකාවටත්, ඇමෙරිකා එක්සත් ජනපදයටත් ලෝකයටත් ගෝලීය නායකයකුගේ අඩු ව තදින් දැනේවි. 

සින්ඩි මැකේන් සහ පවුලට අපි කනගාටුව ප්‍රකාශ කරනවා”. 



අදහස් (5)

ජෝන් මැකේන්ගේ අභාවය ගැන අගමැති සොව පළකරයි

Bamunuarachchi Monday, 27 August 2018 11:34 PM

අපිත් ඔහුට සැලියුට් කරනවා

:       0       13

ලුම්බිණි Tuesday, 28 August 2018 01:30 AM

මෙතුමා ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක්.

:       0       2

abaran Tuesday, 28 August 2018 09:40 AM

ජෝන් මැකේන් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ...

:       0       1

BamunuarachchiTuesday, 28 August 2018 04:40 PM

හරියට මෙයා දන්නවා වගේ කතාව.

:       0       0

naradha Tuesday, 28 August 2018 10:30 AM

මොහු ඉරාකය, සිරියාව, ලිබියාව වැනි රටවල ඇමෙරිකාව විසින් සිදු කල යුද්ධ වලට සහයෝහය දැක්වුවෙක්. මේ යුද්ධ නිසා මැද පෙරදිග මිය ගිය සහ දුක් විදින මිනිසුන් වෙනුවෙන් මොහු වගකිව යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site