IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ජොන්ස්ටන් නිදහස් කරනවාද නඩුව ඉදිරියට ගෙනයනවාද

(පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල අධිකරණ රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (09) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන්කර විත්තිකරුවන් තිදෙනා නිදොස්කර නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් පිළිබඳ තීන්දුව ලබන 17 වන දින ප්‍රකාශයට පත් කරන බව කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

සතොස ආයතනයෙන් මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගැනීමේ චෝදනාව යටතේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාගයට ගැනෙන මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඊයේ අවසන් විය.

පළමු විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන්කොට විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිචෝදනා මත එල්ලකර ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකිවීම, පැමිණිල්ලේ සාක්ෂි විශ්වාසයෙන් බැහැරවීම තුළ පැමිණිල්ලේ සාක්ෂි පරස්පරවීම එම ඉල්ලීමට හේතු සාධක ලෙස ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කළ විනිසුරුවරිය ලබන 17 වන දිනට පෙර ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිලි හා විත්තිපාර්ශ්වවලට දැනුම් දුන්නාය.

විත්තියේ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 17 වන දින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරු විජේසුන්දර මහත්මිය එදින තෙක් විත්තිකරුවන් තිදෙනා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළාය.

මෙම නඩුව මාසයක කාලයක් පුරා විභාග කෙරුණු අතර පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් පහළොස් දෙනෙකුගෙන් පමණ සාක්කි විමසීම් සිදු කෙරිණි.

වර්ෂ 2013 ජුලි මස 01 වැනි දින සහ සැප්තැම්බර් මස 30 වන දින අතර කාලයේදී සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් රුපියල් 3,82,8596.50ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා ඇත.

සතොස හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, හිටපු ගණකාධිකාරිවරුන්, විධායක නිලධාරීන්, හිටපු කලාප කළමනාකරුවන්, යන්තම්පලාව සතොස ශාඛාවේ හිටපු කළමනාකරු, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතූළු පිරිසක් සමග කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු පිරිසක්ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසුරිය සහ රජයේ නීතිඥ විරාජ් වීරසූරිය මහත්වරු පෙනී සිටියහ.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, අනිල් ද සිල්වා, ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහත්වරුන් සමග ඉන්දික ගිරාගම, ලක්මාල් රත්නායක, ඬේල් ගුණවර්ධන, චලන විදානගේ, නෙරංජන් ඊරියගොල්ල, ජෙනට් රත්නායක යන නීතිඥවරු පෙනී සිටියහ.

 



අදහස් (4)

ජොන්ස්ටන් නිදහස් කරනවාද නඩුව ඉදිරියට ගෙනයනවාද

saman Wednesday, 10 October 2018 05:31 AM

FCID අක බොරු සාක්කි හැදුව කියල, පරිගණක වාර්තා විකුර්ති කරලා කියල ඔප්පු උනාම ඉතින් වෙන මොනවා කරන්නද. අපරාදේ නඩුවට ගිය සල්ලි.

:       668       1013

OMG Wednesday, 10 October 2018 06:14 AM

මේවලට කොහොමත් හදිසි හස්ත ක්‍රියාත්මක වෙනවා. මොන පැත්තට නඩු තීන්දු දුන්නත් අපි අනාත වෙන එක වලක්වන්න බැහැ.

:       0       47

Hafeel Wednesday, 10 October 2018 08:28 AM

මෙහෙම ගියොත් මේ රටේ කාලගුණ දෙපාර්තුමේන්තුවත් FCID සහ නීතිපති දෙපාර්තමේන්තුවත් එක හා සමානයි...

:       0       15

Ruwan Wednesday, 10 October 2018 10:02 AM

කෝ මේ සත්‍යපාලතුමාගේ අදහස්? ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගන්නකොටනම් මාර අදහසක් දාලා තිබුණා...

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 539 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site