ජීනිවා මානවහිමිකම් සභාවට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා ඇතුළත් ලිපියක් උතුරු පළාතේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ වාජලිංගම් මහතා සහ මන්ත්‍රීවරියක වන ආනන්දි ශෂිධරන් මහත්මිය විසින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට බාර දෙනු ලැබීය.
පසුගිය මස ආරම්හ වූ ජිනීවා මානව හිමිකමි සභාව වෙත ශ්‍රී ලංකාව පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පලාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඇතුළු නියෝජිතයින් තිදෙනකු පත් කර ඇත.
එහිදී ජිනීවා මානව හිමිකම් සභාව වෙත ඉදිරිපත් කිරීමට ඇති යෝජනා තමා වෙත ලබාදෙන ලෙස උතුරු පලාත් සභා මන්ත්‍රීවරුන්ට,ආගමික නායකයින්ට,හා රාජ්‍ය නොවන සංවිධාන වලින් උතුරු පලාත් ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමක් අනුව මෙම ලිපිය සකස් කර තිබේ.
එමෙන්ම පළාතේ ජනතාවටද එයට අදහස් දැක්වීමට සම්බන්ද වීමට ඉඩ සලස්වමින් මේ මස මස 13 වන බදාදා පැවැත්වෙන මහජන දිනයේදී ද ජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි බවද ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව එහි පළමු යෝජනාව ජිනීවා මානව හිමිකම් සහාව වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස ලිපියක් ආණ්ඩුකාර කාර්යාලයට බාර දී තිබේ.
(36698)


2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
496
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජීනිවා මානව හිමිකම් සභාවට වාජලිංගම් - ශෂිධරන් දෙදෙනාත් යෝජනා යවති