ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන් වන අපට එම ජයග්‍රහණය භුක්ති විඳීමට හැකියාවක් ලැබී නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
‘දිනන ජනතාවගේ මැයි රැළිය‘ මැයෙන් මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය ආරම්භ කරමින් අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
“එම ජයග්‍රහණයේ නියම අයිතිකරුවන් වන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු රටේ ජනතාව තාමත් දුකෙන් සිටින බව පක්ෂයේ නායකත්වය දන්නවා“යැයි ඒ මහතා පැවසීය.
නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නට අයිතිය ඇත්තේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මහතා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනය පෝෂණය කළ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද පෙරේරා මහතා කීවේය.
එජාප මැයි දින පෙළපාලිය මරදානෙන් ඇරඹෙයි
2017 මැයි 01 වන සඳු, ප.ව. 01:57
එජාප මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර මරදානෙන් ආරම්භ විය. ඒ පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.පෙළපාළියේ ගමනාන්තය කැම්බල් පිටියයි.
කැම්බල් පිටියේ දී එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය පැවැත්වීමට නියමිතය.
COMMENTS
නියම අයිතිකරුවන්ට අවස්තාව නැත්නම් ඇයි බොරු අයිතිකරුවන් සමග ආණ්ඩු කරන්නේ.
පව් අප්පා ! දුකේ බෑ
හරිහමන් නායකයෙක් හිටියා නම් ඔය දුක අපිට නැහැ. තමන්ගේ බල තණ්හාව නිසා සියලු එජාප පාක්ෂිකයන්ව පාවලා දීලා තියෙන්නේ. දේශපාලන පළිගැනීම්වලට ලක්වුණ අපි තාමත් හූල්ලනවා.
එම ජයග්‍රහණයේ නියම අයිතිකරුවන් ඔබලානං, ඇයි එහෙනම් අඩුම තරම් ආසන 113ක් ගන්න බැරිවුණේ? යාන්තම් මෛත්‍රි මහත්තයාගේ පිහිටෙන් මෙහම හරි ඉන්නේ. ලැජ්ජයි පසුගිය ජනාධිපතිවරණ දෙකටම ඔබලාගේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බයවුනානේ. ඒ කියන්නේ, ඡන්දෙට කලින් පරාජය පිළිගත්තා.
ඕව මොනවාද මහත්තයෝ. යුද්දය දිනවල දුන්න කියන මහින්ද රාජපක්ෂටත් බලය අහිමිවෙලා ගෙදර යන්න උනේ. යුද්දයට නියම නායකත්වය දුන්න සරත් ෆොන්සේකාට හිරේ ලගින්න උනේ. මේ කිසිම ජයග්ග්‍රහණයක් පුද්ගලයෙකුට හෝ පක්ෂයකට අයිති නැති බවත්, එය කැපවීම හා අධිෂ්ඨානය ධජය ලෙස ඉදිරියට රැගෙන ගිය නාඳුනනා මිනිසුන් දැයේ හෙට වෙනුවෙන් කල උදාර මෙහෙයක් ලෙස හිතන්න පුරුදු වෙන්න.
බළලුන් ලවා කොස් ඇට බාගත්තම ඔහොම තමයි. නියම විදියට ජයග්‍රහණය සමරන්න නම් තමන් විසින්ම වෙහෙසිලා ජයග්‍රහණය ලබන්න ඕන.