(නිමල කොඩිතුවක්කු)
ජනබලය කොළඹට විරෝධතාවයේ දෙවන අදියර ජනබලය මහනුවරට යනුවෙන් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදි අද (06) පැවසිය.
මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන ජනබලය විරෝධතාවය පවත්වන දිනය, තැන සහ වේලාව ඉදිරියේදි දැනුම් දෙන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
ආණ්ඩුව විසුරුවා ජාතික මැතිවරණයකට යන තෙක් අඛණ්ඩව යහපාළන ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කරන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සහ නුවර කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටු. ඒක නිසා හම්බන්තොට වගේ තැනක් තෝරාගත්තොත් ගොඩ යන්න පුළුවන්.
හැම සතියෙම කොළඹ තියන්න
තවත් ඡන්ද ප්‍රතිපලයක්?
අපිට හොඳ පදමට සුබම සුබ අනාගතයක පෙර නිමිති පහල වෙලා තිබෙනවා.අපිට දෙවියන්ගේම පිහිටයි.
අයියෝ මේ රටට කරන විනාසයක්. අපිට තවත්නම් මේගොල්ලන්ගේ වැඩ වලට ණය ගෙවන්න බැහැ. හාමතේ ඉන්නේ. මේ නඩු වලින් බේරෙන්න කරන දේවල් .
ඇත්තටම රාජපක්ෂ මහත්වරුන්ට මේ මොකද වෙලා තියෙන්නේ. බලයේ ඉන්නකම් රට විනාශ කළා. පැරදුනාමත් ඒ ටිකම කරනවා. මොකද්ද මේ.
ඇයි මේ හදිසිය? විපක්ෂයෙ අවුරුදු පහක්වත් ඉන්න කැමති නැද්ද? තාත්තා වගේ ජනප්‍රිය දේශපාලන නායකයෙක් වෙන්නනම් එයාගෙ ජීවිත කතාව මුල සිට අගට කියවලා බලන්න.
කරුණාකර ශුද්ධ වූ මහනුවර නගරයට නිගා කරන්න එපා. ඔයාලගේ දකුණු පළාතේම තියන්න.
මහින්ද අගමැති වුනා නේද කොළඹ ජනබලෙන් ? මහනුවර කරන්නෙ බේබද්දො මාලිගාව ඉස්සරහ නිදි කරවන්නද ?
මොකද දැන් රජය විසුරුවා හරින්න තියෙන ඕනකම? අධිබල අධිකරණ පද්ධතියට බය වුන නිසා ද ? අපේ රටේ මීළඟ මැතිවරණ පැවැත්විය යුත්තේ 2020 නේද ? පොඩ්ඩක් ඉන්න හදිසි නොවී එතකන් !!!
මොනවද මේ කරන වැඩ. කොළඹ එකෙන් වුනේ බීලා මිනිස්සු ලෙඩ වුනා. පාරවල් වල කුණු කසල පිරුනා. වෙරිවූ මිනිසුන් පාරේ නැටුවා. ආණ්ඩුවක් මට්ටු කරන්න මේ වැඩ වලින් පුලුවන්ද ? අනේ වඳින්නම්,දළදා හාමුදුරුවන් වැඩවෙසෙන පින්බිම කිලිටි කරන්නනම් එපා.
කරුණාකරලා මේ රට ජාත්‍යන්තරයේ විහිළුව බවට පත් කරන්න එපා. පක්ෂ නායකත්වයට ඔබට වැඩිය සුදුසු උදවිය ඔය පක්ෂයේ ඉන්නවා. එමනිසා තමන්ගේ නොහැකියාව තවත් ඔප්පු කරන්න එපා. මේක රගර් පිට්ටනියක් නෙවෙයි තමන්ට ඕනෑ විදියට තරඟ පාලනය කරන්න.
මීට වැඩිය වගකීමක් දරන්න පුළුවන් බුද්ධිමත් තරුණයන් මේ පක්ෂයේ ඉන්නවා. හැබැයි කිසිම තැනක් නැහැ. ඉස්සර මොකද්දෝ පක්ෂයකට එ් අයගේ නෑදෑයින්ගේ පක්ෂය කියලා කිව්වලු...
මොන නාඩගමක්ද මේ? මෙයාලට මේ තියන්න බල තණ්හාව රටේ මිනිස්සුන්ට නෑ. ඊයේ කොළඹ කීදෙනෙකුගේ වැඩ, බිස්නස් පාළු උණාද? නුවරට ආවම අල්ලන් නෙලන්න තියෙන්නේ.
දැන් එකක් සනීපෙට නාගත්තනේ, අර්යේත් ඕනේ නෑ නේද. වැඩකට ඇති දෙයක් කරන්න බලන්න, දැන් මිනිසුන්ට ඔරනේ වෙනසක් මිසක් නාඩගමක් නොවේ.