(නිමන්ති රණසිංහ)
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබල මෙහෙයුම නොමේරූ දේශපාලනික කි‍්‍රයාවක් බවත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් පැවසූහ.
එසේම, මෙම මෙහෙයුම සඳහා ජනතාව නොමැති නිසා ලේක්හවුස් වටරවුම තෝරාගෙන තිබූ බවත් සාමාන්‍ය ජනතාව පාරේ මදුරුවෝ තලමින් සිටියදී පොහොට්ටුවේ නායකයින් සුපිරි හෝටලයක රාතී‍්‍රය ගත කරන බවත් එම අමාත්‍යවරු වැඩිදුරටත් පැවසූහ.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ‍්‍රවණාගාරයේ දී අද (5) රාතී‍්‍ර පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු එසේ පැවසූහ.
එම මාධ්‍ය හමුව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන , එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය කටයුතු ලේකම් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක පි‍්‍රයන්ත යන මහත්වරු සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.
‘‘අද කොළඹ මිනිසුන්ට සෑහෙන්න කරදර වූණා. ආණ්ඩුවට කිසිම ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මේකෙන් කොළඹ මිනිස්සුන්ටයි කරදරය වුණේ. ඉස්කෝලවලට ළමයි ආවේ නෑ. බදාදා කියන්නේ මහජන දිනය. ඒ නිසා මිනිස්සුන්ට රාජ්‍ය ආයතවලට එන්න බැරි වුණා. පොහොට්ටුවේ ඊළඟ නායකයා හදාගන්න කරපු වැඩක් මේ.‘‘
මාධ්‍ය හමුව ඇමතු එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය කටයුතු ලේකම් සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ පැවසීය.
‘‘මේක සම්පූර්ණ අසාර්ථක වැඩක්. නොමේරු දේශපාලන කි‍්‍රයාවක්. අපි කොළඹට සේන්දුවුණ ජනතාවගෙන් කාරුණීක ඉල්ලීමක් කරනවා කුණු දාන්නේ නැතුව ඒවා අස්කරලා යන්න කියලා.
දැනටමත් කොළඹ කුණු ගොඩගහලා. මේ මෙහෙයුම සඳහා පොලීසියේ පන්දහසක් යෙදෙව්වා. නාමල් කුමාරයාගේ පළමු සටන උපන් ගෙයිම අසාර්ථකයි. මේ ගොල්ලෝ සුවසැරිය ගිලන් රථවලට බැන්නා. මේ උද්ඝෝෂණයට ඇවිල්ල බීලා ලෙඩ වෙච්චි රෝගීන් 81ක් දැන් ඒ ගිලන් රථ වලින්ම රෝහල්වලට අරගෙන ගියා.
ඒ සම්බන්ධයෙන් සුවසැරිය ගිලන් රථ සේවයෙන් අපිට ඡායාරුප ලැබුණා. මේ අයට අපි කියනවා අද දින සතුටින් ගත කරලා යන්න කියලා. ඔය කියන විදිහට තව සෑහෙන්න අරක්කු ඕන වෙයි. හෙට දින සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනවා. රජයේ ආයතනය පැවැත්වෙනවා. හෙට උදේ මේ අයට තේරෙයි ආණ්ඩුව පෙරළන්න බෑ කියලා. ‘‘
නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
‘‘මේකට ජනතාව මදි නිසා තමයි ලේක් හවුස් වටරවුවේ මේක තිබ්බේ. පන්දාහක් හය දාහක් දානන් පුලූවන් තැනැක් ද ඒක. සාමාන්‍ය මිනිස්සු මදුරුවෝ තල තල පාරේ ඉන්දැදි පොහොට්ටුවේ නායකයෝ සුපිරි හෝටලයක 758 කියන ස්වීට් රූම් එකේ හිටියා. ‘‘
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා මෙසේ පැවසීය.
‘‘2015 ජනවාරි 08 වැනිදා තාත්තා නාගත්තා,අද පුතා නාගත්තා. දැන් හෙට ගම්වල අනිත් මිනිස්සු එයි මේ හොරු ටික අල්ලලා හිරේ දාන්න කියාගෙන. හෙට මේ උදඝෝෂණයේ මිනිස්සු 1000ක් හිටියොත් ඒ ඔක්කෝටම අපි කන්න දෙනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ මෙහෙයුම් ගැන කතාකිරීම දැන්වත් නවත්වලා දමලා 2015 ඡන්දෙට කලින් ජනතාවට දුන් පොරොන්දු එකින් එක දැන්වත් ඉටු කිරීමට පටන් ගන්න, කවුරු මොන මෙහෙයුම් කලත් ලබන පාර කාටද බලය දෙන්නේ කියන එක තීරණය කරන්නේ පාවෙන ඡන්දදායකයා විසිනි. 2015 දීපු පොරොන්දු ඉටු නොකරන පුද්ගලයන්ට 2020 දෙන අලුත් පොරොන්දු වලට පාවෙන ඡන්දදායකයන් ඡන්දය නොදෙන බව කරුණාවෙන් සලකන්න , දිනුම තීරණය වන්නේ පාවෙන චන්ද මත බව අමතක කරන්න එපා
ඔව් ජනබල මෙහෙයුම අසාර්ථකයි. ආණ්ඩුව අති සාර්ථකයි. ඉතා ඉක්මනින් ඡන්දයක් පවත්වන්න. ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දෙනවා ඒකේ ආයෙ දෙකක් නැහැ. මොන තරම් වැඩ කන්දරාවක් මේ ටිකට කලාද?? බදු බර අඩු කරලා ආර්ථිකය නග්ගලා ඩොලරය බස්සලා කුඩු නවත්තලා වගේ දේවල් කරලා තියෙද්දී අපි ඡන්දය නොදී තියෙයිද??
ජනබලය ගැන කියා කියා ඉන්නේ නැතිව දීපු වැඩ ටික කරන්න. ඒක තමයි හොඳම උත්තරේ.
අරයගෙ ජනබලේ මෙයාගේ ජනබලේ බලබල ඉඳල වැඩක් නැහැ. තමන් බලයට ආපු වැඩේ කරනවලකෝ. රාජපක්ෂලගේ ඒවම තමයි හැමදාම හොයන්නේ.
ජනබලයේ අසාර්ථක බව ආණ්ඩුවේ සාර්ථකත්වය නෙවෙයි. අවුරුදු ගානක් මොනවද කලේ? විශේෂ ප්‍රකාශ විතරයි. පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා රුපියලේ අගය වලපල්ලේ. දියුණුවෙමින් පවතින අපනයනයන් නැති අපේ රටේ අගය අඩුවීමෙන් ඇතිවන ප්‍රයෝජනයවත් ගන්න බැහැ අනයනයන් බොහෝ වැඩි නිසා. පාලකයන්ට මේවා පෙනෙන්නේ නැද්ද? වාහන පර්මිට් විතරද වැදගත්?
අනිකාගේ හැම දෙයක්ම " අසාර්ථකයි ", මේයාගේ හැම දෙයක්ම " සාර්ථකයි ".... බලන්නකෝ එකෙත් හැටි. මේ අපේ රටේ මහජන නියෝජිතයන් යයි කියාගන්නා අය වටිනා කාලය නාස්ති කරන්නේ රටේ දියුණුව වෙනුවෙන් නොව තමන්ගේ බලපරාක්‍රමය රැකගැනීමටය.
හරි හරි ... අසාර්ථක නම් ඉතින් දැන් බයවෙන්න දෙයක් නැහැනේ... නේද. දැන්වත් ඡන්දයක් තියන්නකෝ බලන්න. කටේ නරිවාදන්වල හැටි බලන්න ආසයි.
එක ගලෙන් තාත්තයි, බාප්පිලා දෙන්නයි, තමාවයි ඉවර කරගත්ත අසහාය තරුණ බුද්ධිමත් දේශපාලකයා.
අනේද කියන්නේ ,අනුන්ගෙ ජනබලයෙ මිණුම් දඩු හොයනවා . බලයට එන්නකලින් කියපු දේවල් රෙකෝඩ් කරල තියෙනවානම් නැවත නැවතත් අහලාම හිටියොත් ඊලග ඡන්දෙට කලින් ඔබතුමන්ලාට කොහේහෝ රටකට පැනගන්නට පුළුවන් .
අපොයි ඔව්, මේ ගොල්ලො තමයි හරි සාර්ථක .. බලයට ඇවිත් පවත්වපු පළවෙනි මැතිවරණෙ දිනා ගන්න බැරුව තව කයිවාරුත් ගහනවා..ඔච්චර සාර්ථක අයට මැතිවරණ පරදින්න හේතු හොයාලා බැලුවොත් නරකද මේ කයිවාරු ගහන වෙලාවෙ ..?
අනුන්ගෙ මගුල් හොයන එක නවත්තලා, තමන් පත්වෙලා ඉන්න රාජකාරිය හරියට කරනවද? ලගදිම ඔහේලටත් අසාර්ථක නිසා ගෙදර යන්න තමයි වෙන්නෙ
ජනරැලිය අසාර්ථකයි කියලා උදම් අනලා වැඩක් නැහැ. රජයක් ලෙස ජනතාවගේ පහසුව සැලසිය යුතුයි. ඔවුන්ට රැලි පවත්වන්න අයිතිය වගේම අන් අයට නිදහසේ තමන්ගේ රැකියාව හෝ කාර්යන් කරගන්නට අයිතිය තියෙන්න ඕනේ. එක එක අයට් ඕන විදිහට ජනජීවිතය අඩාල කිරීමට ඉඩ දිය යුතු නැහැ. ඊයේ දවසේ කොළඹ සාමාන්‍ය ජනතාව මොනතරම් අමාරුවෙන්ද ගමන් බිමන් කලේ. ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් රජය මොනවද කලේ. පොදු දේපොළ පොලිසිය ආරක්ෂා කරා. අහිංසක මිනිස්සු කට්ට කෑවා. රජයක් උනහම පාලනයක් තියෙන්න ඕනේ. ජේ ආර් , ප්‍රේමදාස වගේ ය හිටියනම් මෙහෙම වෙයිද? මහින්ද හිටියනම් මෙහෙම වෙයිද?. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට ගැලපෙන්නේ නැහැ. මෙයින් අපකීර්තියට පත්වෙන්නේ රජය.දැන්වත් කොන්දක් ඇතුව අවශ්‍යදේ කරන්න නැත්නම් 2020 දී දරුණු පිළිතුරක් ලැබෙනවා ඒකාන්තයි.
සාර්ථක අසාර්ථක භාවය ඔප්පු කලයුත්තේ ඒ රැලියට සහභාගී වූ අයම නේද?
"ජනබල මෙහෙයුම අසාර්ථකයි - එජාපය" ඒවුනාට පාර්ලිමෙතුවෙත් ඊයේ ජොන්ස්ටන් හැරෙන්නට කව්රුත් ඉඳලා නැහැනේ. ඔබතුමාලත් ජනබලයට එකතු උනානේද ? ඉතින් කොහොමද අසාර්ථකයි කියන්නේ මිනී මැරුම් සිදුනොවුන නිසාද. මහින්ද ඒවාට අසුවන ගොබ්බයෙක් නොවෙයි ඔබතුමාලා වගේ.
ජනරැලි විවේචනය කිරීමෙන් පමණක් ප්‍රශ්න නොවිසදේ ? ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 කළ ආර්ථික පරිවර්තනය එ.ජා.ප. ආණ්ඩු ගැන කතා කරන විට නිතැතින්ම ඉදිරියට එන මාතෘකාවකි. ඒ වගේම ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා උදාගම් සංකල්පය, ඇඟලුම් කර්මාන්ත යනාදිය හරහා මේ රටේ මහා පරිමාණ ආර්ථික සංවර්ධනයක් ඇති කළේය. දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම රටට දායාද වුණේ එම යුග වලදීය. එහෙත් වත්මන් එ.ජා.ප. පාලනය යටතේ එවන් සාධනීය සංවර්ධන ක්‍රියාවලි පෙනෙන්නට නැත. එම නිසා අර පළාත්පාලන ඡන්දයේදී ජනතාව දුන් සිග්නල් එක සිහියට අරගෙන , මුළු රටේම ජනප්‍රියතාවය තිබෙන තරුණ නායකත්වයක් යටතේ , අලුත් සැලසුම් සකසාගෙන පක්ෂය 2020 තිබෙන මැතිවරණ ඉල්ලක්ක කරගෙන දැන් සිටම ලක ලැහැස්ති විය යුතුය ,
සාර්ථක අසාර්ථක බව පැත්තක තියන්න. කරුණාකරලා තමුන්ට පැවරුණ රාජකාරිය හරියට කරන්න නිකන් බයිලා ගහන්නේ නැතුව.
නරිය මිදී කඩා ගන්න බැරි උනාම තිත්තයි කිව්වලු. මැතිවරණයක් දිනා ගන්න බැරි එවුන් තව අනුන්ගෙ ජන බලයක් ගැන කතා කරනව. එක දිගට මැතිවරණ තිස් ගානක් පැරදිලා වාර්තා තියල දැන් බයිල ගහනව. අනේ ඉතින් මෙහෙමත් තුම්පනේ එවුන්. කොහොම උනත් අපි නම් දැක්කෙ විශාල සෙනගක් හිටපු අති සාර්ථක ජන රැළියක් තමා.
අපේ රට කවමදාකවත් දියුණු වෙන්නේ නැහැ. හැමෝම මාධ්‍ය සංදර්ශන තියනවා... සමහර අදහස් දැක්කම අපි ගැනම කලකිරෙනවා. දේශපාලනය තිත්ත වෙලා නයාට අදු කොළ වගේ...
2015 ජනවාරි 08 නා ගත්තේ කවුද කියල ආණ්ඩුව දිහා බැලුවම පේනවා.
ඊට පස්සෙ ජන මතය වෙනස් වෙලා කියලා දැක්කෙ නැද්ද මොහාන් ..?