ජයන්ත සමරකෝන් සහ ශිරාන් රණසිංහ
ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (5) පැවති ජනබල මෙහෙයුමින් කොළඹ නගරය මුළුමනින්ම අපවිත්‍ර වු බව කොළඹ නාගරික කොමසාරිස් කේ.වී.ඒ අනුර මහතා පැවසීය.
නගරය නැවත යථාතත්වයට පත්කිරිම සඳහා අමතර කසල ලොරි හා සේවකයින් විශාල පිරිසක් යෙදවිමට සිදුවු බව ඒ මහතා කීය.
විශේෂයෙන්ම ලේක්හවුස් වටරවුම, ලෝටස් පාර, චිත්තම්පලම් ගාඩිනර් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොම්පඤ්ඤවීදිය, කොටුව හා පිටකොටුව යන ප්‍රදේශ සම්පුර්ණයෙන්ම කැළිකසල වලින් පිරි ගොස් තිබු බවයි.
කොළඹ ලේක්හවුස් වටරවුම ආශ්‍රිත මාර්ග සියල්ලෙහි ගොඩ ගැසී තිබූ හිස් වතුර බෝතල්, බියර් ටින්, හිස් අරක්කු බෝතල්, සටන් පුවරු මෙන්ම බත් පාර්සල්වල දවටන ආදී සියල්ල අද (6) උදෑසන වනවිට පවිත්‍ර කිරීමට කොළඹ මහනගර සභා කම්කරුවන්ට හැකි වී තිබිණි.
කොළඹ ලේක්හවුස් වට රවුම ආශ්‍රිත ප්‍රදේශයේ අලංකාරයට තබා තිබූ මල් පෝච්චි, මල් ගස් තැලී පොඩි වී ඇත.
ඊයේ(05) රාත්‍රී 11.30 පමණ සිට කොළඹ නගර සභා කම්කරුවන් විසින් මහත් වෙහෙස වී විනාශ කර අපවිත්‍ර කර තිබූ නගරය යළි ශුද්ධ කළ බව කොළඹ නගර සභාව කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මීට කලින් පිරිසිදුද? 2015 පස්සේ කොළොඹ නගරය කුණු ගොඩක්.
අන්තිමේ ඔච්චරයි ඉතුරු...
රටේ මිනිස්සු බදු ගෙවන්නේ ඒකට තමා. නැතිව කොමසාරිස්ගේ සල්ලි වලින් නෙමෙයිනේ ගෙවන්නේ.
මහින්දලා දාලා සුද්ද කරවන්න.
නැත්නම් අද හොදට වහින්න තිබුණු දවසක්.
හරියට නිකන් මේක ඒකාබද්ධ මෙහෙයුමෙන් විතරක් වුණු දෙයක් වගේනෙ. අනිත් පක්ෂ ජන රැළි තිව්වම එහෙම වෙලා නැද්ද මෙච්චර කාලෙකට..?
අපි ඉන්නෙත් ලෝටස් වටරවුමෙ තමා. අපි නම් දැක්කෙ නෑ ඔය කියන කුණු කදු. මෙයා කොලඹම කුණූ වෙන්න තියලා මේවට විතරක් කටදානවා ලකුණු දා ගන්න.
කොහොමත් කොළඹ දැන් කුණු ගොඩක් තමයි. කුණු දමලා යන එක අනුමත නොකලත්. ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමේ අයිතිය පුරවැසියන්ට තිබිය යුතුයි. අනික ආණ්ඩුවේ රැලි තියෙනකොට පාරේ කුණු ගොඩගැහෙන්නේ නැද්ද, බීපූ කට්ටිය පාරේ වැටිලා ඉන්නේ නැද්ද. මේවා සමාන්‍ය සිද්ධි පමණයි. අපිට මතකයි නේ පොලේ ගිය හැටි, පාරේ වාහන වල හෝන් ගහන්න කියල කොල්ලුපිටිය පැත්තේ පාරවල් බ්ලොක් කරපු හැටි, බලයට ආවම බබාලා.
පරනවූනු කිරිපැකටුයි, පිලුනුවුණු බත් පැකටුයි කාලා කසිප්පු බීලා මේ අය රෑ බෝ වුනාම මග දෙපසට මළපහ කළා.
වහල්ලු කොළොඹ ආවට මහින්ද අගමැති උනේ නෑ නේද ?
බය වෙන්න එපා .... රෝසි මැඩම් කට්ටිය දම්මලා සුද්ද කරලා දේවි... ලංකාව විහිළුවක්.. එහි නළුවන් අපි වන්නෙමු... චන්ද්‍රිකාත් ඒවිද දන්නේ නැහැ අද හෙට එයටත් අපහු ජනාධිපති වෙන්න ඕන කියල අත්තනගල්ල පැත්තෙන් පෙළපාලියක් අරන්....
අපේ කව්රු කලත් ඔය ටිකම තමා. පාපන්දු ලෝක කුසලානය වෙලාවේ ජපානය කරපු ක්‍රියාව මතක් කරලා දෙන්න ඕනේ අපේ ජන රැලි සංවිධායකයන්ට...
දේශපාලනිකව අපේ හිත් කිලිටි වෙලා තියනකම් හැමදාමත් අපිට කුණු විතරම තමා. පාට කණ්ණාඩිය පස්සේ යන කට්ටියට දවසකට හරි නොමිලේ කන්න ලැබෙනවා. අපි ඉතින් හැමදාම දුක් විදිනවා බදු ගෙවන්න. මේ හැමෝගෙම තියරිය තමා "අපි අපිට - රට පස්සට"
ඇයි චතුරිකා බලන් හිටියද ..? කොහොමත් කොළඹ දැන් ටොයිලට් එකක්නේ. ඒකට කමක් නෑ...
මහින්ද දාලා සුද්ද කරවන්නලු. ඒ තමයි කොරන්න හදන්නේ. දෙන්නකෝ බලය මුළු රටටම ෆුල් සුද්දයක් දෙනහැටි පෙන්වන්න.
අපි දන්නවනේ 2015 පස්සේ කොළඹ තිබුන හැටි. ආයේ අමුතුවෙන් අපිරිසිදු වෙන්න දෙයක් තිබුනේ නැහැ.
අපවිත්‍ර අය ගෙදර යද්දී අඩු ගානේ කුණු ටිකවත් ගෙදර ගෙනියන්නණේ තිබුණේ , ආණ්ඩුව ගෙනියන්න බැරිවුණ නිසා .
2020 දී බැංකු හොරුන් සහ බැසිල් දමලා සුද්ද කොරනවා