(රංජන් කස්තුරි )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මස 28 වැනි දා තෙදින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
කොරියානු ජනරජයේ ජනාධිපති මුන් ජේ ඉන් මහතාගේ නිල ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා එම සංචාරයේ නිරත වේ.
ශ්‍රී ලංකාව හා කොරියාව අතර 40 වසරක ද්විපාර්ශ්වික සබඳතා සැමරීම නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ සංචාරය සිදු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
කොරියානු ජනාධිපතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර 29 වැනි ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වෙන අතර ආර්ථික සහයෝගීතාවයට, සංස්කෘතික සහයෝගීතාවය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමට ද නියමිතය.
COMMENTS
මෙයා කොරියාවේ අන්න අර බය නැති කෙනා ඉන්දියාවේ කෝවිලක් ඇතුලේ ....
පරිස්සමින් ගිහින් එන්න. මේක නං සුදුසු වෙලාවක් නොවේ. ඊයේ සුජීව සේනසිංහගේ කතාව නං එතරම් සුබවාදී එකක් නොවේ.
ජයවේවා!!! ඔබතුමාගේ ජීවිත කාලය තුල මෙවැනි රටවල සංචාරය කර ඒ වගේම සුඛෝපබෝගී ජීවිතයක් ගතකිරීමට ලැබේවා කියලා ඉතා සිතින් ප්‍රාර්ථනා කරනවා... අගමැති තුමාටත් ඒ ප්‍රාර්තනයම කරනවා... රට ගැනත් ජනතාව ගැනත් ඔබ තුමා හිතනවා වගේම මමත් එතරම් තැකීමක් කරන්නේ නැහැ.. ජයවේවා!!!