(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කර සිටින රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශ ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (27) එම කොමිසමට දැනුම් දුන්නේය.
ඒ තුළින් ඉදිරි අය වැය යෝජනා සම්පාදනයේදී මගපෙන්වීමක් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ ප‍්‍රථම වරට රැස් විය.
කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර සාමාජිකයින්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම පිළිබඳ කාරණය ඉතා දිගුකාලීන ගැටලූවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා විධිමත් ක‍්‍රමවේදයක් හරහා එම ගැටලූව විසදීමට සුදුසු නිර්දේශයන් නව කොමිසම මගින් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් ආශි‍්‍රත යම් ගැටලූ හෝ විෂමතා ඇත්නම් එම ගැටලූ හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් 14 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණයකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත්කරනු ලැබිණි.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර කේ.එල්.එල්. විජේරත්න, ටී.පී. කොල්ලූරේ, සී.පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණී එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී.එස්. එදිරිසිංහ, ඒ.ආර්. දේශපි‍්‍රය, බී.පී.පී.එස්. අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඞී. ජයකොඩි, එම්.සී. වික‍්‍රමසේකර යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.
COMMENTS
අතීත අත්දැකීම් අනුව මේ වාර්ථාව තවත් ගැටලු රැසකට මුල පිරිමක් විය හැකිය.
රජයේ සංස්ථා, මණ්ඩල සහ අධිකාරි වලටත් වෙනම කොමිසමක් දාන්න. වර්ජන තර්ජන කරන්න පුළුවන් අයට විතරක් නොවෙයි විෂමතාවයන් තියෙන්නේ...
මෙම විෂමතා ඇතිවුනේ 6/2006 චක්‍රලේඛය නිසා. මෙයින් විශාල විෂමතා ඇතිවුනා. මේවා පෙන්වා දුන්නත් ඒවා වෙනස්කරන්න කමිටු සාමාජිකයන් අකමැති වුණා. අපට ඔවුන් හමුවෙන්නවත් ඉඩ දුන්නේ නැහැ. නමුත් සමහර කෙනෙකුට පුද්ගලික වනසේ වැටුප් වැඩිකර දුන්නා. මේනිසා එකම සේවයේ එක සමාන වැටුප් ගත්ත අය අතරත් වෙනස්කම් ඇතිවුණා. බොහෝවෙලාවට ඔවුන්කලේ 1977 ත් 1994 ත් අතර රාජ්‍ය සේවයට එක්වූ අයට අසාධාරණ වන ලෙසට වැටුප්ක්‍රම සැකසීම... එ්නිසා නව කමිටුවවත් 6/2006 යටතේ විෂමතා සහිතව විශ්‍රාම ලැබූ අයටත් සහනයක් සලසන්නේ නම් සුදුසුයි.
රජයේ සේවකයින්ගේ වැටුප් විෂමතා හොයහොය වැටුප් වැඩි කරන්නේ කොහෙන් ලැබෙන සල්ලි වලින්ද? ඔවුන් ලැබෙන වැටුපට සරිලන සේවයක් කරන ජාතියක් නොවෙයි. ඔවුනට වැටුප් ගෙවීමට ජනතාවට බදු බර වැඩිකළ යුතුයි. අපි ඒ කර්මය ගෙවීය යුතුද? එසේම ගාස්තු නිසා කෝටි ගණන් වලින් ලබන ලාබත් මොවුන්ගේ වැඩිවන වැටුප් ගෙවීම් වලට ගියාම රටේ සෙසු ජනතාවගේ සුබ සිද්දියට කිසිවක් කල නොහැකිය.
විශ්ව විද්‍යාල වල සුදුසුකම් තියෙන කථිකාචාර්ය වරුන්ගෙන් පඩි වැඩිවෙන්න ඕනේ. දැනට වෛද්‍යවරු ආචාර්යවරුන්ට වඩා පඩි ගන්නවා. උපාධිය කරලා පිටරට ගිහින් ආචාර්ය උපාධියත් කරලා ඔක්කොටම අවරුදු දහයක් විතර යනවා. තව පර්යේෂණ ලෝකේ පිළිගත් තැන් වල පලකරන්න ඕනේ. වෛද්‍ය වරු අවරුදු 6ක් කැම්පස් ගිහින් උපාදිය ගත්ත ගමන් පඩි තියෙන්නේ කථිකාචාර්ය තත්වයට උඩින්. එක එහෙම වෙන්න බෑ.