සුජිත් හේවාජුලිගේ
අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මුදල් ගත්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු 118 දෙනාගේ නම් ලැයිස්තු දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ලේකම්වරයාට අද (28) ලිපියක් යැවු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තමා මේ ඉල්ලීම් කළ බවද නියෝජ්‍ය ඇමතිවරයා කීය.
රාමනායක මහතා මේ බව පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඒ මහතාගේ නිල නිවසේදී අද (28) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.
අද එළියට ඇවිත් තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ සල්ලි ගත්තු දෙදෙනකු ගැන විතරයි.සල්ලි ගත්තු තවත් 118ක් ඉන්නවා කියලා සඳහන් වෙනවා ඒ අයගේ තොරතුරු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා. මම ඒ විස්තර ඉල්ලලා අද ඒ ලියුම යැව්වා.
මෙතනදී දෙදෙනකුට විතරක් චෝදනා කිරීම වැරදි.ඔහුගේ බුද්ධි අංශය කියන විදිහට ඇලෝසියස්ලාගේ මුදල් ගත්තු පිරිස් ඇමතිවරුන් , මන්ත්‍රීවරුන් , මාධ්‍යවේදීන් , භික්ෂූන් වහන්සේලා, මුස්ලිම් පුජකවරුන් සහ ජ්‍යෙතීර්වේදීන් ඇතුළු විවිධ තාරාතිරම්වල අය ඉන්නවා. ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන්.
COMMENTS
බදු මුදල් ගෙවන පුරවැසියන් හැටියට අපිට අයිතියක් තියෙනවා නම්ගම් ටික දැනගැනීම
රන්ජන් කවදත් ඇත්ත කතාකරනවා. ඔහොම යන්..
අන්න කරනවානම් වැඩේ.
අද කලේ මොන රටක වුනත් දේශපාලකයන්ට දේශපාලනය කරන්න වෙන්නේ ඩොනේෂන් වලින් තමයි. ලංකාවේ තමා තමන්ගේ බුදලෙන් වගේ ඡන්දේ ඉල්ලලා, කියලා හිතාගෙන කාලා බිලා විනාශ කරලා යන්නේ. බැඳුම්කර කතාව හරියට වුනානම්, ඔය කිසිවක් එලියට එන්නේ නැහැ.
ඉතින් ජනාධිපතිතුමා මේක දන්නවනම් එලියට දන්නේ නැත්තේ ඇයි? අනික මේවා වාර්තා වෙලත් සැහෙන කල්නේ. බොරුව තමයි හැම තැනම.
බැඳුම්කර මුදල් හොරකම් කල මුදල් නම් එම මුදල් ලබාගත් සියලු දෙනාම එම මුදල් ළඟ තබාගැනීම හෝ වියදම් කිරීම මත චුජිතයෝය ..
මේ නම් ලැයිස්තුවේ, බැදුම්කර සිද්දිය මහා මගඩියක් යයි බෙරිහන් දෙන ඒකාබද්ද විපක්ෂේ කට්ටියත් ඉන්නවද?
කාගේත් රඟ පෑම විතරයි.
"ඇලෝසියස්ලාගේ මුදල් ගත්තු පිරිස් ඇමතිවරුන් , මන්ත්‍රීවරුන් , මාධ්‍යවේදීන් , ඇතුළු විවිධ තාරාතිරම්වල අය ඉන්නවා" පුදුමයි ඒත් ඇත්තයි ?
තාම හිතන් ඉන්නේ බැදුම්කර සිද්ධිය මහා මගඩියක් නෙවෙයි ඉතාම සුලු සිද්ධියක් කියලා..... ද ......ඔහොම කේවට්ටයන් ඉන්න තාක් කල් ලංකාවට දෙවි පිහිටයි...............
දැන් ඉතින් ආයේ රට එක තැනක, හැමෝම මේක පස්සෙන් . අපි දන්නා හැටියට 2015 බල පෙරලිය කලේ හරි අමාරුවෙන් . දිනලත් ආණ්ඩු බලය ලබා ගත්තේ හරි අමාරුවෙන්, කරුණු කාරනා දන්නා හැමෝම දන්නවා . දැන් මේ රන්ජන් මැතිතුමා රහස් ගැන කතා කරන්නේ , බලයට ගේන්න හැමෝම කැප කරපු එකට කෙල ගැසීමක් විදියට. අපිට හිතෙන විදියට හමුදා පාලනයක් වගේ ක්‍රියාත්මක වෙන්නයි ගියේ . ලේ වැගිරීමක් නතර වුනා. ඒක නතර වුණු එක කීයටවත් මිල කරන්න බැහැ. ඒ නිසා කල්පනාවෙන් , ගුණ්ඩු වලට අහු වෙන්න එපා . බළල්ලු ලවා කොස් ඇට බාවන්න යන විදිහක් තමා මට හැගෙන්නේ . අමාරුවෙන් දිනාගත්තු නිදහස නැති කරගන්න එපා දුෂිත අයගේ බොරු වලට රැවටිලා .
දැන් දයාසිරි ඊළඟ මැතිවරනෙ මේ සිද්ධිය නිසා පරදිද? අපේ මිනිස්සුන්ට සුමනෙන් මෙවා අමතකයි. කුරුණෑගල යලුවෙක් ඉන්නවනම් අහල බලපන් මු ගැන ගමකට හොද කියයි. අපේ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් මේව හොයල දෙන්නෙ නැහැ. හැමදාම දුන්න එකාට දෙනව මිසක්. මේව හොදයි අපිට පොඩ් චුන් එකක් ගන්න...............
ජනාධිපති හරි රනිල් හරි කරන්න ඕන වැඩ රන්ජන් කරන්නේ. නායකයෝ දෙන්නගේ කුහක කම් පේනවා නේද?
හිතවත් ඇමතිතුමා ඔබ පරිස්සන්වෙන්න ඔබේ ජීවිතය මේ හිතවත් මිතුරු .....
භෞතික සම්පත් හා වෙනත් ආත්මාර්ථකාමී අවශ්‍යතා ලබාගැනීම සඳහා දේශපාලකයින් අතර පවතින දුෂ්ට කැමැත්ත විසින් මෙම වංචාව මතුවීම අහම්බයකි. ඇමතිතුමනි, මේ වංචනිකයින් හෙළි කරන්න.
රන්ජන් ඇමතිතුමෝ. ඔබ පුනා පුනා හොරු අල්ලනවා කිව්වත්, වත්මන් ජනාධිපතිත් හෝ අගමැතිත් හෝ ඔබ නියෝජන කරන මේ රජයත් හොරු අල්ලන්නත් නැහැ, දඬුවම් දෙන්නත් නැහැ. එක ජනතාව දන්නවා. ඒ නිසානේ පහුගිය පළාත් පාලන ඡන්දයේදී ජනතාව ඔබලාව ප්‍රතික්ෂේප කලේ. ඉතිරිවී ඇති මාස 18 ක් තුලත් මොකුත් වෙන්නේත් නැහැ. දැන් පළාත් පාලන ඡන්ද ඉවර වෙලා මාස හතරට ආසන්නයි. යම් යම් පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරලත්, ඇමති මණ්ඩල සංශෝදන වෙලත් දැන් මාසයකටත් වෙඩි. කරන්නොන මිනිහට කයිවාරු ඕන නැහෙ රන්ජන්. බලන්න මැලේසියාවේ අගමැති පත්වුණා.... ප්‍රායෝගිකව වැඩේට බැස්සා හැර ඔබ වගේ මාධ්‍ය සංදර්ශන තියමින් කාලය නාස්ති කලේ නැහැ.