(තිළිණි ද සිල්වා)
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ සීෂෙල්ස් දූපත් බලා පැමිණෙන බව එරට විදේශ සේවා කාර්යාලය අද (03) නිවේදනය කළේය.
ඒ අනුව ලබන 08 වැනිදා සිට 10 වැනිදා තෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එරට සංචාරයක නිරත වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ඉහළ පෙළේ දූත පිරිසක්ද මෙම සංචාරයට එක්වීමට නියමිතය.
දෙරට අතර තානාපති සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් සී ෂෙල්ස් ජනාධිපති ඩැනී ෆුරේ මහතා කළ නිල ආරාධනයක් පිළිගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන බව එරට විදේශ සේවා කාර්යාලය කියා සිටී.
සී ෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ආරම්භ කර හෙටට (04) වසර 30 ක් සපිරෙන අතර 2013 වසරේ දී එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කෙරිණි.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනපති මෛත්‍රී ලබන සතියේ සීෂෙල්ස් සංචාරයක
Uditha -London Wednesday, 03 October 2018 12:28 PM
අගමැතිතුමා එහෙන් රට යනවා.. ජනාධිපතිතුමා එහෙන් රට යනවා.. හෙට අනිද්දා බලය නැති වෙන්න කලින් මේ ගොල්ලෝ රටවල් ටිකේ ඇවිදලා කරලා බලා ගන්නවද කොහෙද...? බලය තියන වෙලාවේ එහෙමවත් දෙයක් කර ගන්න ඕනනේ..
sam Wednesday, 03 October 2018 01:09 PM
මෙයා වැඩියෙන්ම ඉන්නේ අහසේ...
sugandhi Wednesday, 03 October 2018 01:23 PM
දෙන්නම එකයි.. එක්කෝ ඉන්නවා නැතිනම් පිටරට....
සතයපාල Wednesday, 03 October 2018 01:41 PM
තානාපති කාර්යාලයක් ඇති කෙරුවේ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගන්න තමයි. ඒකට අායේ රාජ්‍ය නායකයෝ එහේ දුවන්න ඕනෑ නැහැ. එහි තානාපති කාර්යාලයේ නිලධාරින්ගෙන් ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.. ශී ෂෙල්ස් තනාපති වෙලාම යන්න තිබුණා. ඇත්තම කතාව සමහරවිට අපේ මහා රජ්ජුරුවන්ට වගේ ශී ෂෙල්ෂ්වල බැංකු ගිණුමක් අරඹන්න හිතිලද දන්නේ නැහැ...
Raveendra Wednesday, 03 October 2018 01:57 PM
මෙයා විතරක් නොවේ අරයත් නිතරම උඩම තමා ඉන්නේ මෙයා... අපි මේ දෙන්නටම මෙහෙම යෝජනා කරමු මොකද දෙන්නටම පහසුයිනේ. දෙන්නගේම ඇදුම් කෑලිටික ගුවන්තොටුපලේ පෙට්ටියක දාලා තිබ්බනම් ඇදුම් කෑලි කරගහගෙන යන්න ඕනේ නැහැනේ. එතැනින්ම ගත්ත ඇඳුම් කෑලි ටික ගියා අහස් යාත්‍රාවට...
wishwa Wednesday, 03 October 2018 01:59 PM
කෙහෙල් කොලේ බත් ගෙදරින් ගෙනත් කනවා... කියූ පොර නේද මේ සතියට තුන් පාරක් රට සවාරි ගහන්නේ. සවාරි ගහනවා .... තව මාස කීයද? කකුළුවා යන්නේ කෙලින් නේද? හැබැයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි අපේ රීරි මාංස උරාගෙන බීලා මේ ආත්මේ සුර සැප විඳින අයට ආත්ම අසංඛයක් ගෙව්වත් ඔය ණය ගෙවා නිම කරන්න බැරි බව...
RaveendraWednesday, 03 October 2018 03:02 PM
විශ්ව මයා වෙත, ඔබ අදහස් කලේ ඇටිකෙසෙල් කොළද? නැත්නම් ඇටි කෙසෙල් කාපු ගවයින් ගැනද?
සතයපාල Wednesday, 03 October 2018 02:00 PM
ඔවා දෙනු පරහට.... තමන් සම්මතෙහි පිහිටා සිට.... දුසිරිත් දනන් දෙන... ඔවා වැද්දන් දෙසන බණ වැනි.. කියලා ලෝකෝපකාරයේ සඳහන් වෙලා තියෙන්නේ මෙයා ගැනම වෙන්න ඕනෑ...
sirimal Wednesday, 03 October 2018 02:02 PM
ඔය ගමනේදී ජනවාරි 15 දවස්වල මිහින් ලංකා යානයක් පුරවාගෙන සී ෂෙල්ස් වලට අරගෙන ගියේ මොනවාද? එහෙ ලංකා බැංකු ශාඛාවක් ඇරියේ මොකටද කියලා අහල බැලුවොත් වටිනවා.
සනත් Wednesday, 03 October 2018 03:06 PM
සීෂෙල්ස් යන්නේ කලුසල්ලි සුදුකරන්න කියලයි මම නම් අහලා තියෙන්නේ...
Chanak Los angelesWednesday, 03 October 2018 08:56 PM
ඔබ හරි, එම රටෙන් අපේ රටට ගතයුතු යමක් නම් නැත. අරමුණ සබඳකම් නොවේ. ඒ වගේම එම රටේ ඉඩම්නම් සල්ලිකාර විදේශිකයින්ට ගත හැකියි. අපේ හිටපු රජතුමා ඒ ගැන දන්නවා. එයාගේ එහා පැත්තෙන්ම මෙයත් ගනියි. නමුත් බලයට ආවේ නාස්තිය පිටුදකිනවා කියලයි. ඔන්න දැන් පවුලේ නඩයම ජනතා බදු මුදලෙන් පිටරට වන්දනාවේ.. අනේ කාලේ වනේ වාසේ ..
OMG Wednesday, 03 October 2018 03:49 PM
අනේ අම්මපා තව රටවල් කීයක් විතර තියෙනවද සංචාරය කරන්න? ගහමුද ප්ලෑනක් ඉතුරු රටවල් ටිකත් කවර් කරන්න. අහසේ මාලිගාවක් හදලා නවතින්න බැරිද ඉතුරු ටික කාලෙට..?
Amila Thursday, 04 October 2018 02:38 AM
සිෂේල් වලින් රටට තියෙන වාසිය මොකක්ද ?
maal Thursday, 04 October 2018 02:53 PM
සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා වැසියන් සිටින්නේ 150 ක් පමණ බව ඔබ දන්නවාද? මහින්දට තව කෙනෙකුගේ නමින් එම රටේ සුඛෝපබෝගි මන්දිරයක් සහිත දිවයිනක් තිබෙන බව මෛත්‍රි දන්නවද? MR ගේ කාලේ BOC ශාඛාවක් එහි විවෘත කරනකොට ලංකාවේ අය 98 දෙනෙක් පමණක් සිටි බව කී දෙනෙක් දන්නවාද? මහින්ද සල්ලි රට යවපු තව හොර මාර්ගයක් වුනේ මේ සීෂෙල්ස් BOC එකයි. මිහින්ලංකා වලින් දාපු සීෂෙල්ස් ෆ්ලයිට්වල 25%ක් වත් සෙනඟ හිටියේ නැහැ.