(බිඟුන් මේනක ගමගේ)
කිසියම් පිරිසක් තමාට මරණ තර්ජන කළැයි ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නුවන් නිරෝධ අල්විස් මහතා විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇත.
ඇමැතිවරයකුගේත් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ සහ පොලිස් ප්‍රධානියකුගේ මිතුරන් ලෙස පෙනී සිටි මේ පිරිස කොළඹ සුපිරි හෝටලයකදී මෙසේ තර්ජනය කළැයි මාධ්‍යවේදියා විසින් කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වේ.
ප්‍රවෘත්තියක් පළකරවා ගැනීම සඳහා තොරතුරු ලබාදීමේ මුවාවෙන් තමා එම හෝටලයට කැඳැවී යැයි ද එහිදී තමාට තර්ජනය කළ එම පිරිස ඔළුවට වෙඩි තබා සිරුර මුහුදට විසි කරන දමන බව කීවේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
පසුව මෙම සිද්ධිය ගැන අදාළ සුපිරි හෝටලයේ පරිපාලනය විසින් පොලිසියට දැනුම් දෙනු ලැබ එම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිණි නමුත් තමාට තර්ජනය කළ පිරිස සිය දේශපාලන සම්බන්ධකම් ගැන පවසා එම නිලධාරින් ද හරවා යැවී යැයි තම පැමිණිල්ල මගින් අල්විස් මහතා පවසා ඇත.
සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
COMMENTS
යකඩ මල්ලටත් ගුල්ලෝ ගහනවා නම් අනිත්වා ගැන කුමන කතාද? පතෝල බණ්ඩක්කා කියලා තමන්ගේම ඇත්තෝ කියන්නේ නිකම්ම නොවේ එහෙනම්.
ජනධිපතිතුමෝ, දැන් නම් සුදු වෑන් ගෙන්වන්න වෙයි වගේ නේද? රටේ ජනාධිපතිගේ නිලධාරියෙකුටත් තර්ජනය කරන්ට පුළුවන් බලගතු පුද්ගලයෝ ඉන්නේ කොහොමද? එහෙම නම් ජනාධිපතිටත් වඩා බලගතු පුදගලයින් ඉන්නවා යහපාලනේ...
ඔන්න සිරිලංකා පොලීසිය. නොදකින්
ඔන්න සුදුවෑන් වල අගය තේරුම් ගත් අය...