(ටී.කේ.ජී.කපිල ) 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා අද (22) පකිස්තානය බලා පිටත්ව ගියහ .

20 දෙනකුගෙන් පමණ යුත් මෙම  දූත පිරිස අද (22)  පස්වරු 1.25 ට පමණ  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -183 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියේය.