(නාලක සංජීව දහනායක)
මීට පෙර පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව අනුව ජනාධිපතිධූරයේ කටයුතු කළ තැනැත්තන්ට නැවැත ජනාධිපතිධූරයට තරඟ කළ නොහැකි බව 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ කිසිම තැනක සඳහන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (20) පැවසීය.
යම්කිසි පනතක් බලාත්මක වන්නේ අනාගතයට මිස අතීතටය නොවන බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට 19 වැනි ව්‍යවස්තා සංශෝධනයේ ප‍්‍රතිපාදන බලනොපාන බවද කීය.
එහිදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවසීය.
විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවාට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමෙන් රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතාම බරපතල ගැටලූ රාශියක් නිර්මාණය වෙනවා. පළාත් සභාවක විධායක බලය ආණ්ඩුකාරවරයාට ලැබී තිබෙනවා.නමුත් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව අනුව පළාත් සභාවේ විධායක බලය මහ ඇමතිවරයාට ලැබෙනවා.
එමෙන්ම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව අනුව ඉදිරියේදී ජනාධිපතිවරණ පැවැත්වෙන්නේ නැහැ. ජනාධිපතිපත්කර ගැනීමට මහජනතාවට තිබෙන්නාවූ අයිතිය පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඒ අනුව මෙම ආණ්ඩුව ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට කිසිම සූදානමක් නැති බව ඉතාම පැහැදිලියි.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය අනුව නැවත වරක් ජනාධිපතිවරණයකට තරඟ කිරීමට තමන්ට හැකියාව තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවෙන් දැනට පවතින විධායක ජනාධිපතිධූරය සම්පූර්ණයෙන්ම වෙනස්වූවා මිස එය සංශෝධනය වූයේ නැහැ.
ජනාධිපතිධූරය බිහිකරන වගන්තිය 19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවෙන් සම්පූර්ණයෙන්ම කිරීම නිසා අද තිබෙන්නේ අලූත් ජනාධිපතිධූරයක්.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 8 වැනි පරිච්ඡේදයෙන් ජනාධිපතිධූරයේ බලතල බොහෝමයක් වෙනස් කළා.
ඒ අනුව අද තිබෙන්නේ ජේ. ආර් ජයවර්ධන මහතා විසින් නිර්මාණය කළ විධායක ජනාධිපතිධූරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ජනාධිපතිධූරයක්. ජේ.ආර් ජයවර්ධන මහතා විසින් නිර්මාණය කළ ජනාධිපතිධූරය අනුව කැබිනට් ඇමතිවරුන්පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් විමසීමට අවශ්‍ය නැහැ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
19 වැනි ව්‍යවස්ථාවක් කොහෙද තියෙන්නේ? එක ව්‍යවස්ථාවයි තියෙන්නේ. අනේ මෙහෙමත් මහාචාර්යවරු!
රන්ජන්ට මෙය හොඳ සාක්කියක්. නීතිය දන්නා මහාචාර්යවරු වංචාව, බොරුව මගින් ජනතාව මුලා කිරීම...
ව්‍යවස්ථාව කෙසේ වෙතත් විකෘති ජාන සහිත අඥාන, අමන උගත්තු පිරිසක් වගේම, බහිරව යෝගයෙන් උපත ලද පාලකයින් රැලක් වර්තමානය තුළ, අප රට තුළ දකින්න ලැබෙනවා. වත්මන් සමාජ පරිහානියට හේතුව වන්නේද මේ බහිරවයින්ගේ නොමනා ක්‍රියා කලාපය බවට කිසිදි විවාදයක් නැහැ...
මේ අයට ඉතින් මහින්ද රාජපක්‍ෂගෙන් තොර පැවැත්මක් නැති නිසා, පැය 24ම හීන දකින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමටයි.
විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියා අනූව දශකයේදී ඔයා කටින්ම කිව්වා මතක නැද්ද?
මු කුඩු ගහලද? කසිප්පු බිලද?
පුදුම වැඩේ කියන්නේ මෙතන ඔක්කොම ඉන්නේ මහින්ද විරුද්ධ වාදීන්. හැබැයි ඡන්දයක් තිබ්බම මහින්ද දිනුම්...
මෙයාට මොකුත් කියන්න එපා... එයා වයසයිනේ. එයාට දැන් මතක නැහැ....
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්න පුළුවන් වෙන්නේ බලයේ ඉන්න ජනාධිපතිට පමණක් බව ඊයේ විජේදාස ඇමැතිතුමා කියා තිබුණා.
එතකොට මේ වගන්තිය අර්ථ දක්වන්නෙ කොහොමද ? 19 වන සංශෝධනයේ 4 (2) වන ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. “ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙකු නොවන්නේය.”
උගත්කම 'වහල්කමට' යට කල අයෙක්.