(අංජුල මහික වීරරත්න)
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලු පරීක්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.
ඉහත චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරීක්ෂණයන්හි ප්‍රගතිය පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා ඇත. එසේම පරීක්ෂණයන්හි අද වන තෙක් සමාලෝචනයක් ද ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය.
මාධ්‍ය ඔස්සේ විකාශය වූ දෙබස පිළිබඳ හඬ පට ද මේ වන විට නියම තත්ත්වය විමසා බැලීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති බව ද නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා කරුණු වාර්තා කර තිබිණි.
ඊට අමතරව රහස් පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ බව කියන සියලු පාර්ශව වෙතින් කටඋත්තර ලබා ගැනීම මේ වන විට කරගෙන යන බවද පරීක්ෂණයන් හි ප්‍රගතිය දක්වමින් අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
ඉහත සිද්ධියට අදාළ පරීක්ෂණ පුළුල් හා විනිවිදභාවයෙන් යුතුව කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා යළිත් වරක් නීතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති - ගෝඨා ඝාතන සැලසුමේ පරික්ෂණ විනිවිදභාවයෙන් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
senarath Thursday, 20 September 2018 07:58 AM
මෙන්න බොලේ කකුළුවෙක් පොඩි එවුන්ට කෙලින් යන්න කියල කියනවා......... අනේ මෙයා හරිම තොත්ත බබෙක්නේ. මොනවත් කරගන්න තේරෙන්නේ නැහැනේ. ඔක්කොම අනාගන්නව.
ඇත්ත සත්‍යපාල Thursday, 20 September 2018 08:49 AM
ඕක පිටුපස තව අය ඉන්නවා. තව ටිකක් කල් යනකොට හෙළිවෙයි.
ඇත්ත සත්‍යපාල Thursday, 20 September 2018 10:34 AM
"අපිට මොකද අපි හොඳ සිල් උපාසක, ඉබ්බන්නේ පුච්ච්න්නේ අනිත් පිට" කියුවලු.