බිඟුන් මේනක ගමගේ
රටේ පවතින ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීමේ අරමුණෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.
ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂය අතර මිත්‍රශීලී දේශපාලන සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ යැයි කී හෙතෙම ජනාධිපතිවරයා භාරකාර ආණ්ඩුවකට ආරාධනා කළහොත් ඒකාබද්ධ විපක්ෂය ඊට සූදානම් යැයි අවධාරණය කර කීය.
ආර්ථික අර්බුදයට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති බව එහි ප්‍රධානීන්ම පිළිගන්නේ යැයි ද එවැනි අවස්ථාවක කළයුත්තේ පක්ෂ භේදයෙන් තොරව එක්ව සාකච්ඡා කිරීම යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
ලෝක ආර්ථික අර්බුදයක් පැමිණි අවස්ථාවේ පවා ලංකාවේ ජනතාවට එය නොදැනෙන සේ කළමනාකරණය කරගැනීමට පැවැති රාජපක්ෂ ආණ්ඩුව සමත් වී යැයි කී හෙතෙම අද ඊට වෙනස්ව රටට පැමිණෙන විදෙස් ආයෝජකයන්ගෙන් ද කප්පම් ගන්නා තත්ත්වයට ඇමැතිවරුන් පත්ව ඇතැයි චෝදනා කළේය.
ශ්‍රීලනිපයෙන් කැඩී පැමිණි පහළොස් දෙනාගේ කණ්ඩායමේ වැඩ ගැන පැහැදීමක් නැතැයි ද රට බේරාගැනීමේ භාරකාර ආණ්ඩුවක් වෙනුවෙන් ඕනෑම පාර්ශවයක් සමඟ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි ද ලොකුගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම හොඳයි, භාරකාරත්වය දෙන එක. ඒ ගොල්ලන්ගේ නඩු ප්‍රශ්නත් ඉවරයි. අපිට රුපියල් 2500 ට කාල බීල ඉන්න කිව්වම අපේ ආර්ථික ප්‍රශ්නත් ඉවරයි . හැමෝම ඊට පස්සේ සතුටින් ජීවත් වනු ඇත.
එහෙමෙ නම් රටට බුදු සරණයි !
ජනාධිපති ඒකාබද්ධ සාකඡ්චාවද බොරු ... ඔබතුමා ද බොරු කියන්නේ කයලා අපිට සැකයි .
මහලොකු ආර්ථික විශේෂඥයා මාධ්‍ය සාකච්ඡාවේදී අනාගත්ත හැටි රටම දැක්කා. චීනාගෙන් ගිණි පොලියට ණය අරගෙන රට තව හිර කරනවා ඇරෙන්න දන්න වෙන විසඳුමක් නැහැ. කොහොම හරි කමක් නැහැ දන්නා විජ්ජාවක් දාලා ආණ්ඩුවක් අටවා ගෙන තියන නඩුවලින් නිදහස් වෙන එක තමයි මේ කල්ලියේ බලාපොරොත්තුව...
දැන් ඔබට සතුටුද?
ඔය කළකම් පඩිසන් දෙනවා කිව්වට ඔය හොඳට ඉන්නේ.. එජාපය එකේ ඉන්නකොට කරපු අපරාධ අහස පොළව නුහුලන අපරාධ කරපු තක්කඩියෙක් එදා තාත්තට ඉඩමක් මිලදී ගන්න ඕනෑ වෙලා Rs 5000ක් තිබුනේ නැහැ . අද ඒ හෝටල් කාගේද?