ජනාධිපතිවරයෙකු හා විධායක අගමැතිවරයෙකු රටක සිටීමෙන් දෙදෙනාම විධායක වීමට යෑමෙන් ගැටුම්කාරි තත්වයක් ඇති වන බව තමා මුල සිටම කී බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර දී දළඳ සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ පැවසීය.


“ඡන්දයක් තියන්න වර්තමාන රජය බිය වෙලා ඉන්නෙ. අපි කියන්නෙ මොන ක්‍රමයකට හරි ඡන්දයක් තියන්න කියලා“
මහබැංකු සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ සම්පුර්ණයෙන්ම මුදල් අවභාවිත කර ඇත්තේ මේ ආණඩුව බව දැන් ඔප්පුවී ඇති බවයි.


“මගේ නම හොරට යොදල මුදල් අරන් තියෙනව කියල ගැසට් එකේ ඔප්පු වෙලා තියෙනවා. මම එයාලගෙන් ඇහුව මේව සියල්ල නිත්‍යනුකුල නොවෙනවනම් සල්ලි ගත්ත අයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ මුදල් නීත්‍යානුකුල නොවන නිසා වලංගු තාවයක් නෑ. රැකවරණයක් නෑ. මේක කිවුවම මේ අය සල්ලි අයින් කර ගනියි ලංකාවෙන් ලංකාවෙ අයත් සල්ලි ආපහු ගනියි“ යැයි ද රාජපක්ෂ මහතා කීවේය.