IMG-LOGO

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණ ව්‍යාපාරයේ වෛරි සහගත ප්‍රකාශන ඉහළ ගිහින්

(විනීතා එම් ගමගේ)
ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ වෛරීසහගත ප‍්‍රකාශ ඉහළ යාමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන  බව කැෆේ සංවිධානය පවසයි.
 
විශේෂයෙන් මැතිවරණ රැස්වීම් වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ  විවිධ අපේක්ෂකයින් සම්බන්ධයෙන් වන අසත්‍ය සහ වෛරීසහගත ප‍්‍රකාශ වර්ධනයවීමක් දක්නට ලැබෙන බවකාෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ලංකාදීපයට පැවැස   පැවසුවාය.
 
ඇතැම් අපේක්ෂකයින් සමාජ ජාලා තුළ සිය මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරනු වෙනුවට ප‍්‍රතිවාදී අපේක්ෂකයින් අපකීර්තියට පත් කිරීමේ  සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බව පෙනී යන්නේ යැයි ඇය සඳහන් කළාය. 
 
විශාල ප‍්‍රමාණයක් ග‍්‍රාහකයින් සිටින ෆෙස්බුක් පිටු සහ යූ ටියුබ් නාලිකා මිලට ගනිමින් ඒ ඔස්සේ සිය ප‍්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳ වැරදි මත ප‍්‍රචාරය කිරීමේ මෙම වැඩපිළිවෙළ තුළින් සැබෑ ජනමතය විකෘති විය හැකි  බව ආරියවංශ මහත්මිය අවධාරණය කළාය.
 
මීට අමතරව මැතිවරණ වේදිකාවල ද වෛරී සහගත ප‍්‍රකාශ සහ ජාතිවාදය මතුකර දැක්වීමේ ප‍්‍රකාශ වර්ධනය වී ඇති බව  කී ඇය මෙම තත්වය තවදුරටත් වර්ධනය වීම තුළින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇතිවීමේ අවධානම ඉහළ යන  බව ද පෙන්වා දුන්නාය.
 
කැෆේ සංවිධානය මෙවර ජනාධිපතිවරණයත් සමඟ සමාජ මාධ්‍ය නිරික්ෂණය කිරීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර එහි නිරික්ෂණයන්ට අදාලව ඇය මෙම තොරතුරු හෙළි කළාය.
 



අදහස් (0)

ජනපතිවරණ ව්‍යාපාරයේ වෛරි සහගත ප්‍රකාශන ඉහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයේ වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් හලයි
2024 දෙසැම්බර් මස 12 177 0

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත්තැයි අසාද් සාලිට වන්දියක්
2024 දෙසැම්බර් මස 12 170 0

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත


‘‘තෙල් හිඟයක් නෑ‘‘
2024 දෙසැම්බර් මස 12 105 0

ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.


මාංචු යතුරක් රැගෙන සැකකරුවකු බලන්න ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 12 152 0

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති


ආනයනික සහල් ටොන් 1900 ක් එයි
2024 දෙසැම්බර් මස 12 199 0

රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ


ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී
2024 දෙසැම්බර් මස 12 1121 0

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු ව


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 22 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 96 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 60 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site