( පැතුම් දර්ශන)
"සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයට වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි පූජ්‍ය පක්ෂය ටයි විතරයි. දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ වඳින්නෙත් නෑ රාජපක්ෂ අධිකාරිය මාව හිරේ දාන කොට මගෙන් ඉල්ලීමක් කරා සමාව ගත්තොත් එළියට දානවා කියලා එවෙලෙත් දන ගහපු නැති මම දේශපාලනඥයින් ලග ගිහිල්ලා වැඳලා සමාව ගත්ත කියනවනම් මේ රටේ ජනතාව ඒවා විශ්වාස කරන එකක් නෑ." යැයි වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද (11))හොරොව්පතානේදී පැවසීය.
අමාත්‍යවරයා එසේ කීවේ අද (11)හොරොව්පොතාන වන අලි සුරැකුම් මධ්‍යස්ථානයෙ නිරීක්ෂණ චාරිකාවකට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.
"කැබිනට් ප්‍රකාශ සිද්ධ කරන එක වගකිව යුතු ප්‍රකාශයක් කාටවත් කඩේ යෑමක් නොවිය යුතුයි ඒ නිසා එවැනි ප්‍රකාශ පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.පහුගිය දිනවල මට නීතිය හා සාමය අමාත්‍යාංශය අහිමි කරපු දවසේ ඉඳලා මම යම් යම් ප්‍රකාශ කළා. සමහර ප්‍රකාශ වල දේශපාලනික වශයෙන් සමහරු විවේචනය වුණා. ඉතින් ඒවා හරහා මට ලැබුණු බලවේගයක් මත මම ජනාධිපතිතුමාගෙන් වැඳලා සමාව ගත්ත කියල තමයි කියන්න හදන්නෙ ඒකතාව සම්පූර්ණ බොරු.
අපි සාකච්ඡාවක් තිබුණා මම මලික් සමරවික්‍රමයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. එතැනදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපි හිත හොඳින් හිටපු කට්ටියනෙ අපි හිතවතුන් ඒ නිසා අපි අතර ප්‍රශ්න තියනවනම් මාධ්‍යයට කියන්න අවශ්‍ය නෑනේ මීටින් වල කියන්නත් අවශ්‍ය නෑනෙ කියලා.
එතකොට මම ප්‍රකාශ කළා තිබුණ වාතාවරණය මත එවැනි දේවල් සිද්ධ වුණා අපිට ඉදිරියට එකට වැඩ කරන්න පුළුවන් කියලා. විනාඩි තුනක සාකච්ඡාවක් එච්චරයි සිද්ධ වුණේ."
COMMENTS
ඉතාම හොද තීරණයක් මැතිතුමනි
රට හදන්න නම් නීතිය හා සාමය ඇමතිකම සරත් ෆොන්සේකාට දෙන්න.
සරත් ෆොන්සේකා කියන්නේ අසාධාරණය නොඉවසන බොරු නොකියන කෙලින් මිනිසෙක්. අර වගේ බිහිසුණු යුගයක ප්‍රභාකරන් කියන රටම විනාශ කල ඒ ත්‍රස්තවාදී නායකයාව විනාශ කර කොටි උවදුරෙන් රට බේරා ගැනීමට විශාල මෙහෙයක් කල කෙනෙකුට අවමන් කිරීම සිදු නොකළ යුතු දෙයක්.
සරත් මහත්මයා වැඩ කටයුතු කරගෙන යයි අපි කලබල වෙන එක තේරුමක් නැහැ ඒ මොකද වැඩ දන්න මනුස්සයෙක්නේ .
හැබැයි ඔබ වගකීමෙන් තොරව කියන සමහර කතා නිසා අපට හිතෙනවා ඇමතිකමක් බලාගෙන සමාව ඉල්ලුවා කියලා. සමාව නොගත්තා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ වැරැද්ද නොකළා කියලා.
සරත් ෆොන්සේකා මැතිතුමා විනය, නීතිය ගැන හොඳට දන්නා පුද්ගලයෙක්. එතුමාගේ අදහස් එළිදැක්වීම ඇතැමෙකුට දරාගැනීමට නොහැකිවිය හැකියි. " ජෙහාන් " චරිත තිබෙන සමාජයක අප ජීවත්වනබව මොහොතකටවත් අමතක නොකලයුතුය. එතුමාට භාරදුන් භාරගත් කාර්යයන් මනාව ඉටුකරනු ඇතැයි මගේ විශ්වාසය.
ෆොන්සේකාට කොන්දක් තියෙනවා නම් ඔය විදියට වැඩ නොකරයි. රට විනාශයට රනිල්ලා, සිරිසේනලා එක්ක කරන කියන දේ දැක්කම නිවට ද්‍රෝහියෙක් මිස අන් කවරෙක්ද? හමුදාවේ හිටියද? කියන්නත් ලැජ්ජයි.
අපි ජීවත්වෙන්නේ රාජාණ්ඩු කාලයක නොවන බව එතුමා දන්නවා .