(මොහොමඞ් බුහාර්ඩින් සහ කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල මකුලගස්වැව පන්ගල ගම්මානයේ ඉදිකිරිමට යෝජිත මෙරට සිට විදේශියන්ට අපනයනය කරන සුදු කල් කුට්ටි කිරිමේ කොරියේ බලපත‍්‍රය ජනපති තීන්දුව ලැබෙන තුරු අත්හිටුවීමට ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත මහතා තීරණය කළේය.
මීට මාස හයකට පමණ ඉහතදී මෙරට සිට විදේශිය රටවලට සුදු ගල් කුට්ටි කර යැවිමේ ස්ථානයකට (ගල් කොරියකට) මධ්‍යම පරිසර අධිකාරිය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යයාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් අනුමැතිය ලබා දි තිබු අතර පසුව මෙම ගම්මානයේ පවුල් ගණනාවක් මේ හේතුවෙන් පිඩා විදින බවත් ප‍්‍රදේශයේ ජල මුලාශ සිදි යාම ඇතුළු පරිසර ගැටලූ ගණනාවක් මතු වී ඇති බව ගම සුරැකිමේ සංවිධානය විසින් ඇති කළ මහජන විරෝධය මැද ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නතර කෙරිණි.
ඒ අනුව ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතා සළකා බැලීම මීට සම්බන්ධ සියලූ රාජ්‍ය ආයතන නිලධාරින් අදාළ ගල් කොරියේ පාර්ශවය ද කැඳවා ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ මුලිකත්වයෙන් 31 වැනි දා ප‍්‍රදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
එහිදි සියලූ දෙනා සමඟ එක්ව මෙම ප‍්‍රශ්නය සාකච්ඡා කරනු ලැබු අතර එහිදි මෙම ව්‍යාපෘතියහි නිලධාරින් සියයට සියයක් පරිසරයට හානි නොවන අයුරින් පවත්වාගෙන යන බවට පොරොන්දු වුවත් මහජනගේ දැඩි විරෝධයක් එල්ල වුයේ මින් පෙරද මෙවැනි ව්‍යාපෘති සමාගම් සිදුකළ පරිසර විනාශයේ අත්දැකීම පෙන්වා දෙමිනි. ඒ අනුව ගම්වාසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම ගලේකෝරිය නිසා සිදුවන පරිසර හානිය පිළිබඳ යැවු ලිපියක පිටපතක් ප‍්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත මහතාට ඉදිරිපත් කළහ.
ඒ අනුව පැයක පමණ කාලයක් සාකච්ඡාවට බදුන් වු මෙම ගැටලූවෙහි ප‍්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත මහතා තීරණය වුයේ ජනාධිපතිවරයාගේ තීරණය ලැබෙන තුරු මෙම ගල්කෝරියේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවන බවයි.
මෙම අවස්ථාවට ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත ගලේවෙල ප‍්‍රදේශීය සභාවේ සභාපති එම් පි ආර් ජයතිලක දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි මිගහකුඹුර මධ්‍යම පරිසර අධිකාරිය ජෙෂ්‍යඨ පරිසර අධික්ෂණ නිලධාරිනි ඩබ් පි රණසිංහ ගලේවෙල ප‍්‍රදේශීය සභා පරිසර නිලධාරි ඒකනායක මධ්‍යම පළාත් පුරාවිද්‍යා දෙපාරතුමේන්තුවේ පරික්ෂණ නිලධාරි ජි රාජමනි පන්ගල ගම සුරැකීමේ සංවිධානයේ සභාපති ජි බි විජේරත්න මහතා ඇතුළු ගම්වාසින් නිලධාරින් රැසක් සහභාගී වුහ.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජනපතිගේ තීන්දුව එන තුරු ගලේවෙල සුදු ගල් කොරියෙහි වැඩ අත්හිටුවයි
himal Thursday, 31 May 2018 09:05 AM
කතා කරන තරමක් කතා කරන්නෙ බලය විමධ්‍යගත කරන්න, ඒත් ප්‍රාදේශීය මට්ටමින් කරන කර්මාන්තයක් ගැන තීන්දුවක් ගන්නත් ජනාධිපතිට යන්න වෙලා. මෙහෙම කරන්න නම් මොකටද පඳුරකට ගැහුවත් විසිවෙන ගාණට මහජන නියෝජිතයෝ? පරිසරයට බලපෑමක් නොවී කර්මාන්ත කරන්න බැරි වෙන්න පුළුවන්. කරන්න ඕන පරිසරයට වෙන අහිතකර බලපෑම් අවම කරගෙන, වෙන බලපෑම්වලට විකල්ප හොයාගෙන කර්මාන්තය කරගෙන යන එක.